Wednesday, February 5, 2025

General line - 0115112241

පොලිසියේදී අතුරුදන්වූ ‘හම්බන්තොට තරුණයා’ පන්සලෙන් මතුවේ




හම්බන්තොට පොලිස් අත්අඩංගුවේ සිටියදී අතුරුදන් වූ තරුණයා විහාරස්ථානයක සිටියදී සොයාගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ දික්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක ඔහු සිටි බවයි.

ජී. ජී. ගයාෂාන් නම් වන මෙම තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් සහකාර පොලිස්‌ අධිකාරිවරයකු යටතේ විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස්‌ ස්‌ථානාධිපති පී. එම්. ජයරත්න ඇතුළු පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනකුට තාවකාලිකව ස්‌ථාන මාරුවීම් ලබාදී තිබුණා.