Friday, September 20, 2024

General line - 0115112241

ගමේ සිට ආයතන ප්‍රධානීන් හමුවන්න ‘වීඩියෝ කන්ෆරන්ස් ‘ ක්‍රමවේදයක්




ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් මුණ ගැසීම සඳහා රජය නව වැඩසටහනක් හඳුන්වා දීමට අදහස් කර තිබෙනවා.

ඩිජිටල් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ ඒ අනුව ආයතන ප්‍රධානීන් හමුවීමට දුර ගෙවා පැමිණෙන යුගය අවසන් වන බවයි.

වීඩියෝ කන්ෆරන්ස් ක්‍රමය හඳුන්වා දෙමින් ඒ තුළින් මහජනතාවට තමන්ගේ ප්‍රදේශයේ සිටම ප්‍රශ්න විසඳා ගැනීමේ අවස්ථාව ඒ අනුව හිමි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“මේ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය කියන්නේ අලුත් අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශය බාර ගද්දි තිබුණ වගකීම තමයි ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රට ගමන් කරන්නේ කෙසේද කියන ව්‍යපෘති සකසා ගැනීම.

අපි ඩිජිටල් තාක්ෂණය භාවිතා කරනවා කියන්නේ අපි voice කෝල් වලින් data වලට මාරු විය යුතුයි.නමුත් අපි එතනට යන්න කලින් හොයන්න වෙනව මේ සඳහා අපිට තියෙන පහසුකම් මොනවද කියල.මොකද ඩිජිටල් කරනව කියන්නේ සියල්ල ඇඟිලි තුඩින් කරන්න වෙන මට්ටමට ගෙන ඒම.ඉතින් අපි බලන්න ඕන අපිට තියෙන speed ජංගම දුරකථන එහෙමත් නැත්නම් devices මොනවද කියල.මේ කියන පහසුකම් ඇති කිරීමේ අභියෝගය මුලින්ම අපි හඳුනා ගත්තා.

අනික ලංකාවේ හරි ඩිජිටල් ක්‍රමවේදයකට දත්ත තොරතුරු නැති වීම නිසා අපිට දවසකට අමෙරිකානු ඩොලර් මිලියන් දෙකක් පාඩු වෙනව කියල අපි ගණ න් බලල තිබෙනවා.නොයෙකුත් සහනාධාර ගන්න,සමාජ සුභසාධන එහෙමත් නැත්තම් පැන්ෂන් එක ඒ වගේ දේවල් යවන ක්‍රමවේදයක් තිබුනේ නෑ.අපි යවන්නේ ප්‍රදේශයේ ලේකම් කාර්යාලයට.

අපි මේ නිසාම මුලින්ම පටන් ගත්ත ගෘහස්ත කළමනාකරන පද්ධතියක් හඳුන්වා දෙන වැඩපිළිවෙලක්.කාඩ් එකේ නම HTM. එකේ සියලූම දත්ත තොරතුරු ගබඩා වෙනවා.මේක ලෝකයේ දියුණු රටවල් තුන හතරක විතරයි තියෙන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා පවසනවා.