Tuesday, January 7, 2025

General line - 0115112241

සජින් වාස්ට ඇප




මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් නඩුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා.

මිහින් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයාව සිටියදී මෙහෙයුම් උපකරණ මිලදී ගැනීම සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුමකට එළඹීමෙන් මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මිහින් ලංකා සමාගමට එයින් සිදුව ඇතැයි කියන අලාභය රුපියල් මිලියන 833ක් පමණ වනවා. අදාළ නඩුව වෙනුවෙන් අධිකරණය හමුවේ අද පෙනී සිිටින ලෙස සජින් වාස් ගුණවර්ධනට මීට පෙර නොතීසි නිකුත් කර තිබුණු අතර ඒ අනුව පෙරවරුවේ ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇපයක් ද, රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 4ක් ද සජින් වාස් ගුණවර්ධණ වෙනුවෙන් එහිදී නියම කෙරුණා.

අදාළ චෝදනා ඔහුට කියවා දීම සඳහා නඩුව ලබන නොවැම්බර් මස 4 වෙනිදා නැවත කැඳවීමට නියමිතයි.