Friday, September 20, 2024

General line - 0115112241

අන්තර්ජාලය කැළඹූ බැල්කනියෙන් විසිකල බල්ලා හාස්කමකින් මෙන් සුවපත් වූ හැටි (PHOTOS)



ඉන්දියානු වෛද්‍ය සිසුන් දෙදෙනෙක් බැල්කනියක සිට බල්ලෙකු විසිකර දමන වීඩියෝවක් පසුගිය දිනවල අන්තර්ජාලයේ අතිශය ජනප්‍රියත්වය පත්වුණා ඔබට මතක ඇති.

මෙම සිදුවීම වාර්තා වූයේ දකුණු ඉන්දියාවෙන්.පසුව මෙම වෛද්‍ය සිසුන් සිරභාරයට ගෙන තිබූ අතර ඇප මත නිදහස් කර තිබුණා.

මෙම වීඩියෝවට අනුව බල්ලා එම ගොඩනැගිල්ලෙන් පහතට වැටුණු පසු ඉතා වේදනාවෙන් කෑගසන අතර බොහෝ දෙනා සිතුවේ එම බල්ලා මියයාටමට ඇති බවයි.

කෙසේ නමුත් හාස්කමකින් මෙන් ආබාධයට ලක්වූ මෙම බල්ලා මේ වන විට සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය අණාවරණය කරනවා.

කාර්තික් දණ්ඩපනී නම් පුද්ගලයෙකු අනතුරට ලක්වූ මෙම බල්ලාට රැකවරණය සලසා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇය දැන් උසේන් බෝල්ට් වගේම දුවනවා..කාර්තික් සිය සුරතලා ගැන පවසන්නේ එවැන්නක්.

මෙම බල්ලාට මේ වන විට මාස 8ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

තවමත් ඇයගේ දකුණු කකුලට ප්‍රතිකාර ලබාදෙන බවයි කාර්තික් පවසා සිටියේ.

ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න.

389b427200000578-3798460-image-a-75_1474383303754

389b3b2d00000578-3798460-image-a-65_1474383207236

389b3ba300000578-3798460-image-a-66_1474383213890

389b3bca00000578-3798460-image-a-76_1474383524142

389b3f0d00000578-3798460-image-a-69_1474383249142

389b42a900000578-3798460-image-a-67_1474383231694

389b42ba00000578-3798460-image-a-88_1474384987517

389b408c00000578-3798460-image-a-71_1474383258602

389b424b00000578-3798460-image-a-74_1474383290526