Friday, September 20, 2024

General line - 0115112241

‘එයා ජීවත් වෙන පරිසරය අනුවයි හැසිරීමත්‘ – නිහඬතාවය බිඳිමින් උදාරි කට අරී!



පසුගිය දිනෙක පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේ පරාජයෙන් පස්සේ පියුමි හංසමාලි මූනත් කළු කරගෙන වේදිකාවෙන් බැසගිය සිදුවීම සමාජයේ කතාබහට ලක්වුණා.

මෙම තරගයෙන් ජයග‍්‍රහණය කළේ නිරූපිකාවක හා සිනමා නිළියක වන උදාරි පෙරේරායි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය දිනෙක උදාරි පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා..

ඇය එහිදි කියලා තිබුණේ පරාජය දරාගන්න බැරිව එයා ජීවත් වෙන පරිසරය අනුව පියුමි හැසිරෙන්නේ ඒ විදියට වෙන්නැති කියලා.

මෙම තරඟය ජයග්‍රහණය කරන්න ලිංගික අල්ලස් දුන්නා යැයි පියුමි උදාරිට කළ චෝදනවා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දක්වා තිබුණා.

‘‘අනේ මන්දන්නේ නැහැ. ඒ වගේ කතා මොකට කියනවාද කියලා. කවුරු කොහොම කිව්වත් මගේ චරිතය ගැන දන්න අය දන්නවා.මම ජිවිත් වෙන විදිහ අනුව මම ඒ වගේ අයට උත්තර බඳින්න යන්නේ නැහැ. ඒක මෝඩ වැඩක්.‘‘

ඇයගේ නමට වුණ හානිය සම්බන්දයෙන් නීතිමය පියවරක් ගන්නවාද නැද්ද යන පැනයට ඇය පවසා තිබුණේ,

‘‘ තේරුමක් නැති දේවල් වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ අපරාදේ. මට ඒ ගැන දුකක් නැහැ. එයා ගැන තරහකුත් නැහැ. ඒත් මට සතුටුයි. තරගය අවසන් වෙලත් එයා තවමත් මං ගැන කතා කරනවට.‘‘

එම සිදුවීමෙන් පස්සේ ඇයව මුහුණ මුහුණ තවමත් මුණ නොගැසුන බවද ඇය කියා තිබුණා.