Friday, September 20, 2024

General line - 0115112241

ලයිට් ඕෆ් කළා සේරම නැගිට්ටා හරිම භයානක විදියට ඒක කියන්නේ බයටම මට උණත් ගැනුනා – මම දැක්කා එයලා කඩා වැටෙන හැටි!



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 4 දෙනෙකුට අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.

ඝාතනය ලක්වූ භාරතගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා Neth fm unlimited වැඩසටහන හා සම්බන්ධ වුණා.

එහිදි ඇය එම නඩු තීන්දුව දා සංවේදී වූයේ ඇයිද යන්නටත්, උසාවිය තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙනුත් අදහස් දැක්වුවා.

‘ඇත්තටම මායි අම්මයි ඇතුළට යද්දි ලොකු චකිතයක් තිබ්බා, මොනවා වෙයිද කියලා. මං හිතුවේ මගේ ජීවිතේ තව මිනිත්තු කිපයකින් සම්පූර්ණ අනික් පැත්ත ගැහෙනවා.හොඳ වෙයිද? නරක් වෙයිද? හොඳ වුනොත් හොඳයි නැත්තං කොහොමද පාරේ බැහැලා යන්නේ මෙච්චර මහන්සිවෙලා. මං අම්මටත් කිව්වා කිසිදේකින් වැඩක් නෑ අම්මා අපි මේක පරාජය වුනොත් එහෙම වුනොත් එහෙනම් දෙයියෝ කියලා කෙනෙක් මේ ලොකේ නැතිවෙන්න පුලුවන් කියලා..‘

‘ඒත් අම්මට විශ්වාසයක් තිබුණා නෑ මට මං කරපු සත්‍ය ක්‍රියාව ගැන විශ්වාසයි කියලා. ඉතිං කොහොම හරි ඇතුළට ගියාට පස්සේ බයට මට හොඳටම උණත් ගැණුනා.අම්මා මගේ බෙල්ලට අත තියලා බලද්දි මට හොඳටම උණ.‘.

‘ඊටපස්සේ ටික වෙලාවක් යනකොට එකින් එක එකින් එක එදා සිද්ධිය ගැන ගරු විනිසුරුතුමන්ලා නැවත නැවත මතක් කරනකොට අපිට මොකද වුනේ?අපි කොහොම හැසිරුණේ?අපි කොහොමද එදා ඇඩුවේ?මේ ඔක්කොම මට මතක් වුණා.එතකොට මම හරියට දුක්වුණා.මට ඇඩුනා.මම එළියට ආවේ ඒ වේදනාවෙන්‘‘.

‘ඒ ගමන්ම මම දැක්කා දඩුවමට ලක්වුණ පුද්ගලයාගේ පවුලේ උදවිය හැසිරිච්ච විදිය.හරිම භායානක විදියට ඒ දඩුවම දෙන්නේ මුලු උසාවියේම ලයිට් ඕෆ් කරලා ගරු විනිසුරුතුමන්ලා නැගිටලා අපිත් නැගිටලා කළුවර කාමරයක වගේ කියන්නේ හරි භයානක විදියට ඒක අහගෙන ඉන්න කෙනෙක්ට භය හිතෙනවා‘.

‘ඒක කියපු ගමන් මම දැක්කා එයාලා කඩා වැටෙන විදිහ.ඒ වෙලාවේ මට හිතින් හිතුණා මේ විදියටම අපි අවුරුදු පහක් ඇඩුවා නේද කියලා.මේ හැඟීම් ඔක්කොම එකතුවෙලා මං ඒ වෙලේ ගොඩක් සංවේදි වුණා.