Friday, September 20, 2024

General line - 0115112241

මෙවර අයවැයෙන් ‘වාහන මිලට‘ වෙන්න යන දේ මෙන්න!



මෙවර අය වැයෙන් වාහන මිල අඩුවේද වැඩිවේද යන්න බොහෝ දෙනා විමසිලිවත්ව සිටි කාරණයක්.

දැන් වාහන සඳහා පවත්නා ඉතා ඉහළ මිල ගණන් වලට යම් සහනයක් ලැබී වාහන මිල අඩුවේ වෙතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියා.

නමුත් මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා.

ඊයේ (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

වසර දෙකක් යනතුරු වාහන මිලෙහි කිසිදු වෙනසක් නොවන බවත් තිබෙන අයුරින්ම පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා ස්ථීර ලෙසම පැවසූ බව ඔහු කියා සිටියා.

මෙය වාහනයක් මිලට ගැනීමේ හොඳම කාලය බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙවර රට හොල්මන් වෙන අයවැයක් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යවරයා ඔවුන් වෙත ප්‍රකාශ කළ බවද කියා සිටියා..