Friday, September 20, 2024

General line - 0115112241

තරුණ කාන්තාවන්ගේ අසහනය නිසා රටට කැළලක් වෙන හැටි



කාන්තාවන් නිසා මෙරටට කීර්තිය ලද අවස්ථා බොහෝය. ලොව වැඩියෙන්ම මව් කිරිදෙන කාන්තාවන් සිටිනා රටවල් අතර ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවයි. ලොව ප්‍ර‍ථම අගමැතිණිය මෙන්ම ලොව ප්‍ර‍ථම විධායක ජනාධිපතිනියක වූ කාන්තාව බිහි වන්නේද ශ්‍රී ලංකාවෙනි.

ඒ කෙසේ වෙතත් මෙරට තරුණ කාන්තාවන් මුහුණදෙන යම් යම් ගැටළු හේතුවෙන් ඇතිවන අසහනකාරී තත්ත්වයන්ට මුහුණ දීමට නොහැකිවන මෙරට තරුණ කාන්තාවන් සියදිවි නසාගැනීම අතින් පෙරට පැමිණ ඇත. මේ බව අණාවරණ කරනු ලැබූවේ පවසන්නේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි ය.

ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු දහසයත් විසිපහත් අතර තරුණ දරුවන් සියදිවි නසාගැනීම්වලට යොමුවන වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති අතර දිවි නසාගන්නා පිරිස අතුරින් වැඩි පිරිසක් කාන්තාවන්ය. වසරකට 3000ක් පමණ සිය දිවි නසාගන්නා බව ඔහු පවසනවා.

“අපේ රටේ සියදිවි නසාගැනීමට තැත් කරන්නන් තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි අඩු වයස්වල ඒ කියන්නේ අවුරුදු දහසයත් විසිපහත් යන වයස්වල පසුවන අය වීම. ඒ වගේම මෙසේ සියදිවි නසාගැනීමට තැත් කරන අය අතර බහුතරයක් ගැහැනු අය. සාමාන්‍යයෙන් ලෝකයේ අනෙක් රටවල සිය දිවි නසාගන්නේ වැඩිපුර පිරිමි පුද්ගලයනුයි.“