Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් බොඳවෙයි




එංගලන්ත සංචාරයේ තරගයක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවද අද (06) අලූයම බොදව ගියා. ඒ, එංගලන්තය සමග පැවති පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයෙන්ද කඩුලූ 8 කින් පරාජයවීම හේතුවෙන්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 140 ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 16 කදී ලකුණු 26 ක් රැුස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 144 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා. ජොස් බට්ලර් නොදැවී ලකුණු 73 ක් රැුස් කළ අතර ඊයන් මෝගන් නොදැවී ලකුණු 47 ක් රැුස් කළා. පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27 කට කඩුළු 2 ක් බිද හෙළුවා.