Friday, September 20, 2024

General line - 0115112241

ස්වාමියා එනතුරු වසරක් තිස්සේ මහමගට වී බලා ඉඳ නොසිතූ ඉරණමක් අත්වූ සෙනෙහෙවන්තයාගේ සංවේදී කතා පුවත මෙන්න!



තම ස්වාමියා එනතුරු වසරක් තිස්සේ මහමගට වී බලාසිටි බල්ලෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ පුවත වාර්තා වන්නේ තායිලන්තයෙන්.

වසර 3ක් වයසැති ‘ලන්ග්‘ නම් වූ මෙම බල්ලා මින් වසරකට ඉහතදී සිය ස්වාමියා සමග යන අතර මගදී මෝටර් රථයෙන් වැටී තිබෙනවා.

නමුත් ලන්ග් ගේ ස්වාමියා මෙය දැක නැහැ.පසුව ඔහු තම සුරතලාව සෙව්වත් ඔහුට ලන්ග්ව සොයාගැනීමට හැකිවී නැහැ.

නමුත් තම ස්වාමියා තමා සොයා පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් ‘ලන්ග්‘ දිගින් දිගටම මහමගට වී බලා ඉඳ තිබෙනවා.

‘ලන්ග්‘ සිටි තැන අවට ගම්මාන වල මිනිසුන් ඇයට කන්නට බොන්නට දී ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය කාලය පුරාම ඇයට අයිතිවාසිකම් පවසමින් බොහෝ දෙනා ඇයව රැගෙන යන්නට උත්සහ කලත් ඔවුන් කරපටියක් දමන්නට උත්සහ කරන සෑම අවස්ථාවකදීම ඇය අසල කැලයට දිවගොස් ඇති බවයි පැවසෙන්නේ

ලන්ග් ගේ පුවත එරට සමාජ ජාලා වෙබ් අඩවිවල ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබූ අතර බොහෝ දෙනා ඇය සමග ඡයාරූප වලට පෙනිසීටිමට පැමිණ ඇති බවත් වාර්තාවනවා.

නමුත් අවසනයේ බොහෝ දෙනා හඩවමින් ඇය පසුගිය දිනෙක මියගොස් තිබෙනවා.ඒ පාරේ ගමනකල මොටර් රථයක ගැටීම හේතුවෙන්.

සත්ව සංවිධානයක් විසින් ඇයගේ අවසන් කටයුතු කර තිබෙනවා.

වීඩියෝ හා ඡයාරූප පහතින් නරඹන්න.

38cd199800000578-3807359-image-a-10_1474876614655

38cd193700000578-3807359-image-a-9_1474876562951