Friday, September 20, 2024

General line - 0115112241

දඟ පන්දු ලෝක පූජිතයින් දෙදෙනාගේ වාර්තාවක් අශ්වින් බිඳ හෙළයි!



සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟය ඊයේ (26) අවසන් වුණා.

ඒ ඉන්දීය කණ්ඩායමට ලකුණු 197ක ජයක් අත්කර දෙමින්.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම ලකුණු 318 ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 262ක් ලබාගත්තා.අනතුරුව දෙවන ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 377 ලබා සිටියදී ඉනිම නිමාකොට නවසීලන්ත කණ්ඩායමට ලකුණු 433ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදුන්නා.නමුත් නවසීලන්තයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 236ක් පමණයි.

මෙහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රවිචන්ද්‍රන් අශ්වින් සුපිරි පන්දු යැවීමක නිරතවූ අතර පළමු ඉනිමේ ලකුණු 93ට කඩුලු 4ද,දෙවන ඉනිමේ ලකුණු 132ට කඩුලු 6ක්ද දවාගනිමින් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 10ක් දවාගැනීමට සමත්වනවා.

මෙම තරඟයේදී අශ්වින් සිය 200වන ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත්වුණා.

ඔහු මෙම දක්ෂතාව පළකරන්නේ සිය 37 වන ටෙස්ට් තරඟයේදී වන අතර ලෝක පුජීත දඟපන්දු යවන්නන් දෙදෙනෙකු වන මුත්තයියා මුරලිදරන් හා ෂේන් වෝන් කඩුලු 200 දවාගැනීමට සමත් වන්නේ සිය 42 වැනි ටෙස්ට් තරඟයේදීයි.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය නායක විරාට් කෝලි පවසා තිබුණේ අශ්වින් යනු මිළකල නොහැකි ක්‍රීඩකයෙකු බවයි.