Friday, September 20, 2024

General line - 0115112241

තරු පෙනුනත් එක තරුවක් නැති, තරු හෝටල් පරදන අරුම පුදුම හෝටලය (PHOTOS)



බිත්ති නැති වහලයක් නැති ජනෙල් දොරවල් නැති හෝටලයක් තිබෙනවා කීවොත් ඔබ පිළිගන්නවාද?

ඒ වගේ හෝටලයක අහසේ තරු දිහා බලාගෙන රැය පහන් කරන්න ලැබුණොත් මොනවගේ අත් දැකීමක් වේවිද?

වහල බිත්ති මේ මුකුත් නැති මේ හෝටලය තිබෙන්නේ ස්විස්ටර්ලන්තයේ.

Null Stern හෝටලය කියලා තමයි මේකට කියන්නේ.සමාන්‍යයෙන් එක් එක් තරු පංති යටතේ හෝටල් වර්ග කරනවානේ.මේ හෝටලයට ඒ වර්ගීකරණයේ කිසිම තැනැක් නැහැ.ඒ කියන්නේ 0යි.

වර්ගීකරණ කොහොම වෙතත් මුහුදු මට්ටමින් අඩි 6463 ඉහළින් කඳු පංතියක පිහිටා ඇති මේ හෝටලයේ අත්දැකීම විඳගන්න බොහෝ දෙනා පැමිණෙනවා කියලයි කියන්නේ.

නැවුම් හුස්ම ටිකක් අරගෙන සොබාදහමේ අපූර්වත්වය විඳින ගමන් අහසේ තරු දිහා බලාගෙන රැයක් පහන් කරන්න කවුද ඉතිං අකමැති.

හෝටලයක් කියලා කීවට මේ හෝටලයේ තියෙන්නේ ඇඳකුයි ටයිල් කරපු පොළොවකුයි මේස ලාම්පු දෙකකුයි විතරයි.

සමාන්‍යයෙන් මෙහි එක් රැයක් ගත කරන්න ඩොලර් 210 වගේ මුදලක් අයකරනවා කියලයි වාර්තාවන්නේ.

හැබැයි ඉතින් වැඩේ කියන්නේ හදිස්සියේ වැසිකිලියට යන්න වුනොතින් නම් මෙතැන ඉඳන් විනාඩි 10ක වගේ දුරක් යන්න තියනවලු.

හෝටලයට එන අයට කෑම බීම සපයන්න වේටර් කෙනෙකුත් ඒ අසලම කැබින් එකක් ඉන්නවා.

මේ හෝටලය කලින් වෙන් කරගන්නත් පුලුවන්.හැබැයි කාලගුණික දේශගුණික තත්වයන් යටතේ මේ තත්වය වෙනස් වෙන්න පුලුවන්.මොකද වැසි දිනවල මෙතැන ඉන්න බැහැනේ.

ලස්සන කඳු පංතිත් තියෙන එකේ අපේ රටෙත් මේ වගේ හෝටලයක් හැදුනොතින් බොහෝ දෙනා ආකර්ශණය වේවි කියලා තමා මේක දකින අපිට නම් හිතෙන්නේ..

null-stern-hotel-switzerland-alps_dezeen_936_0

null-stern-hotel-switzerland-alps_dezeen_936_5

null-stern-hotel-switzerland-alps_dezeen_936_6

null-stern-hotel-switzerland-alps_dezeen_ban_0

55

6754

images