Friday, September 20, 2024

General line - 0115112241

‘‘ මම ආසයි ගණිකාවකගේ චරිතය කරන්න‘‘



නිරංජනී ශම්මුගරාජා රංගන ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය හරහා.පසුව අශෝක හඳගමගේ ඉනිඅවන් චිත්‍රපටය හරහා සිනමා නිළියක ලෙස අත්පොත් තබන ඇය ප්‍රේක්ෂයන් අතරේ නමක් දිනාගනු ලබනවා.

අද වනවිට ඇය නිවේදිකාවක මෙන්ම දක්ෂ සම්මානනීය නිළියක්.

මෑත කලිනව ඈ පෙනී ප්‍රධාන චරිතයට පණ පොවපු රතු සමනළ සිහිනය චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උඵෙපවලට පවා නිර්දේශ වෙලා තිබෙනවා.

ඇය එහි ‘රාජිණි‘ නම් ප්‍රධාන චරිතය නිරූපණය කළා.

ලබන මාසේ රෑගත කිරීම් ආරම්භ වීමට නියමිත ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටක් සඳහාද ඈ පෙනී සිටිනවා.

පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඈ චරිත තෝරා බේරාගන්නේ කෙසේද යන පැනයට පිළිතුරු දී තිබුණා.

‘‘ඇත්තටම මම ලැබෙන හැම චරිතයක්ම බාරගන්නේ නැහැ. මම කැමැති මට අභියෝගයක් වන චරිතයක් බාර ගන්න. මොකද අපි කරන නිර්මාණ හරහා අපි තුළ තියෙන දක්ෂතා පිළිබිඹු වෙන්න ඕනේ. ඒ නිසා මම කැමති සරල චරිතවලට වඩා අභියෝගාත්මක චරිත කරන්න‘‘.

එමෙන්ම ඈ බලාපොරෙත්තුවෙන් ඉන්න චරිත පිළිබඳවත් මෙහිදී යම් ආන්දෝලනාතක්මක අදහසක් දක්වා තිබුණා.

‘‘ඔව් ඇත්තම කියනවා නම් The Dirty Picture කියන චිත්‍රපටයේ විද්‍යා බාලන් කරපු චරිතය වගේ චරිතයක් කරන්න කැමැතියි. ඒ වගේම prostitute කෙනෙක් ගේ චරිතයක් කරන්නත් ආසයි. හැබැයි එහෙම නිර්මාණයක් කළත් සමාජයෙන් ගොඩක් ප්‍රශ්න එයි. ඇයි එහෙම චරිතයක් කළේ කියලා. නමුත් නිළියක් හැටියට හිතන්න බැරි චරිත කරන්න තමා කැමැති. මම කියන්නේ ඒවා චරිත පමණයි. ඉතින් ඇයි නිළියකට එහෙම චරිත කරන්න බැරි කියන තැනයි මම ඉන්නේ‘‘.

ප්‍රසිද්ධ නිළියක් නොව ජනකාන්ත නිලියක වීමත්,ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් දිනා ගැනීමත් ඇගේ එකම බලාපොරොත්තුව බවත් මෙහිදී පවසා තිබුණා.

13886966_1289408034403171_1900059993769288472_n

10303948_941014912575820_6087229588416359205_n

10306073_941014859242492_6420696959715538544_n

10885029_941014885909156_1884453601482493588_n

10885557_941014962575815_5363508365632265463_n

11140255_1019394961404481_4186429258241746094_n

11429469_1035645986446045_2959401012817503297_n

11703540_1062282683782375_6486236893387633229_o

13254597_1232315030112472_5965892097165830455_n

13466053_1254553167888658_5061113663817934383_n