Friday, September 20, 2024

General line - 0115112241

ඉතිහාසයේ පළමුවරට Playboy සඟරාවේ මුස්ලිම් නිරූපිකාවක්



වැඩිහිටියන් සඳහා පලකෙරෙන ‘Playboy’ සඟරාව පළමුවරට හිජාබයකින් සැරසුණු මුස්ලිම් නිරූපිකාවකගේ ඡායාරූප පළ කිරීමට සැරසෙන බව බීබීසී ය වාර්තා කරනවා.

‘Playboy’ සඟරාවේ ඔක්තෝබර් කලාපය සඳහා පෙනී සිටින්නේ ‘ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ පවතින පූර්ව නිගමනයන් අභියෝගයට ලක් කිරීම සඳහා’ බව ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් වන නූර් තාගොරි පවසනවා. බටහිර විලාසිතාවට අනුව ටී ෂර්ටයක්, ඩෙනිම් කලිසමක් සහ ජැකට්ටුවකින් සැරසුණු නූර් තාගොරි නිරුවත, විනීතභාවය පිළිබඳ හඬ අවදි කරනා බවයි බීබීසිය පවසන්නෙ.

මුස්ලිම් කාන්තාවන් හිජාබයකින් සැරසී සිටීම තුළින් ඔවුන් ”දැඩි පාලනයකට” නතු වීම හෝ ”අවනත භාවයකට” යටත් වන බවට පවතින අදහස ඇය ප්‍රතික්ෂේප කරන ඇය, ලොව ‘ළාබාලම’ ගුවන් නියමුවරිය
ඇමරිකාවේ වාණිජ රූපවාහිනී ක්ෂේත්‍රයේ හිජාබයකින් සැරසුණු පළමු පුවත් නිවේදිකාව බවට පත් වීම තම ඉලක්කයන් බව පවසනවා. අරාබි සම්භවයකින් පැවත එන නූර් විසි දෙහැවිරිදි වියේ පසුවන්නියක්.

ඇය මේවනවිට ‘Newsy’ නමැති ඇමරිකානු වීඩියෝ පුවත් මාධ්‍ය ජාලයක සේවය කරනු ලබන අතර, ‘Washington post’ පුවත්පතට පසුගිය වසරේදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ සිය ඉලක්කයට ආගම බලපෑමක් වනු ඇති බවට ඇතැමුන් පළ කරන අදහසට විරුද්ධ බවයි.

pb