Saturday, September 21, 2024

General line - 0115112241

අනවසරයෙන් වත්තකට ඇතුළුවූ අයෙක් වෙඩිකා මරුට




ගම්පහ, ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වත්තේ මුරකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. පශ්චාත් මරණ පරීක්‍ෂණය අද සිදු කිරීමට නියමිතයි. මූලික විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇති.