Saturday, September 21, 2024

General line - 0115112241

පාසල් ගැටලුවට විසඳුමක් හොයන්න ජනපති එකඟවෙයි




වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේදී මතුව ඇති ගැටලූ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අතර ලබන සතියේදී සාකච්ඡාවක් කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළ කර තිඛෙනවා.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවේදීයි.

පවතින ගැටලූවට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සොයාගත හැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ.