Friday, September 20, 2024

General line - 0115112241

දකුණු පළාතේ නගරයක ව්‍යාපාරිකයින් සිගරට් අළෙවිය නවතා දමයි..!



වසර තිහක පමණ යුද්ධයෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩි පිරිසක්‌ දුම්පානයෙන් මිය යන බව මුලටියන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය චමින්ද කුමාර මහතා දෙයියන්දර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හමුවේ පසුගියදා පැවසුවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දිනකට මිනිසුන් හැටදෙනකු පමණ දුම්පානය නිසා මියයන බවය. වසරකට විසිපන්දහසක්‌ පමණ මිය යනවා.

“අපේ රටේ මිනිසුන් රුපියල් මිලියන 208 ක්‌ පමණ සිගරැට්‌ සඳහා දිනකට වැය කරනවා. අවුරුද්දකට මිලියන 75,000 ක්‌ විතර වෙනවා. අධිවේගී මාර්ගය හදන්න වැය වුණේ. රුපියල් මිලියන 95,000 යි. හම්බන්තොට වරායට රුපියල් මිලියන 45,000 යි. ශ්‍රී ලංකාවේ මිනිසුන් වසරකට දුම්පානයට වැය කරන මුදලින් මෙවැනි විශාල ව්‍යාපෘතියක්‌ හදන්න පුළුවන් වෙනවා. අපේ රටේ මිනිස්‌සු දුප්පත් වීමට ප්‍රධාන සාධකයක්‌ වන්නේ දුම්පානයයි. සිගරට්‌ එකක විෂ රසායන ද්‍රව්‍ය 4000 ක්‌ පමණ තියෙනවා. එයින් 50 ක්‌ පමණ පිළිකා කාරක. හෘද රෝග අංශභාගය, ඇස්‌ අන්ධවීම පුරුෂ ශක්‌තිය දුර්වල වීම වඳ බව රුධිර නාල අවහිර වීම යන ආබාධ රැසක්‌ ඇති වෙනවා.“ යැයිද ඔහු පෙන්වා දුන්නා.

මෙම අවස්‌ථාවේදී දෙයියන්දර ව්‍යාපාරිකයින් සිගරට් අලෙවි නොකරන බවට ප්‍රතිඥවක්‌ ලබා දුන්නා.