Saturday, September 21, 2024

General line - 0115112241

අනියම් සැමියා සමග පවුල් කා හදාගත් ළමයා ගබ්සා කර සැමියාත් අනියම් සැමියාත් අමාරුවේ දැමූ හැටි..



ගබ්සාවක් කරගෙන ඇති කාන්තාවක් සහ ඇයගේ ස්වාමිපුරුෂයා ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව – මැරංගොඩ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ ස්වාමිපුරුෂයාය.

තිදරු මවක් වන සැකකාර කාන්තාව මීට මාස කීපයකට සැමියා සමඟ අමනාප වී නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි අනියම් සැමියා වෙත ගොස් ඔහු සමඟ ජීවත් වී ඇත. මෑතකදී නැවතත් තම සැමියා සමඟ සමාදාන වී ඇති ඇය ඔහු සමඟ ජීවත් වීමට පැමිණ ඇත. ඒ වන විට ඇය ගැබිනියකි. එම ගැබ ගබ්සා කරගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

පසුගිය 20 වැනිදා සැකකාර කාන්තාව උදරාබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමට යැයි පවසා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් වී ඇත. ඒ වන විට මේ කාන්තාව නීති විරෝධී ගබ්සාවක් කරගෙන ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇත. සැකකාරියව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර යැවීමට ආණමඩුව දිසා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

පුත්තලම රෝහලේදී පසුගිය මස 21 වැනිදා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් සැකකාර කාන්තාව පවසා ඇත්තේ තම සැමියා විසින් ලබා දුන් කිසියම් පෙත්තක් පානය කිරීමෙන් අනතුරුව ගබ්සාව සිදුවූ බවය.

ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණීමෙන් පසුව ආණමඩුව පොලිසියේ නිලධාරීන් වෙත පසුගිය 30 වැනිදා නැවතත් ප්‍රකාශයක් ලබා දෙමින් ඇය පවසා ඇත්තේ අනියම් සැමියා විසින් ලබාදුන් පෙත්තක් තමන් පානය කළ බවයි.

සැකකාරියගේ පළමු ප්‍රකාශයට අනුව ඇයගේ සැමියාව අත්අඩංගුවට ගෙන ඇති ආණමඩුව පොලිසිය දෙවැනි ප්‍රකාශය අනුව අනියම් සැමියාවද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇත