Friday, September 20, 2024

General line - 0115112241

‘සඳ හිරු සෑයේ‘ රත්තරං කිලෝ 40කට වෙච්ච දෙයක් නෑ – ප්‍රබල දේශපාලන හස්තයක් පිටුපස!



පසුගිය රජය සමයේ ඉදිකිරීම් ඇරඹූ ‘සඳ හිරු සෑය‘ චෛත්‍ය ව්‍යාපෘතියේ දී සිදු වූ රත්තරන් කිලෝග්‍රෑම් විශාල ප්‍රමාණයක වංචාවක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව වාර්තාවනවා.

රත්තරං කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් මෙසේ අතුරුදන්ව ඇති බවයි පැවසෙන්නේ.

මෙම වංචාව පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් විමර්ශණයක් ආරම්භ කොට ඇති බවද,හිටපු නාවික හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද වාර්තා වනවා.

හිටපු නාවික හමුදාපතිවරයාගේ සමයේ රත්තරං ප්‍රවාහනය කෙරෙමින් තිබූ බොට්ටුවක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර එයින් රත්තරන් කිලෝග්‍රෑම් 08ක පමණ ප්‍රමාණයක් සඳ හිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා නාවික හමුදාව විසින් ලබා දී තිබුණා.නමුත් ඉතිරි රත්තරං ප්‍රමාණයට සිදූවූ දෙයක් නොමැති බවයි වාර්තා වන්නේ.