Saturday, September 21, 2024

General line - 0115112241

සිංහලයන්ටත් සිංහල උගන්වන පිංලන්තේ සුදු අක්කා (VIDEO)



සුදු ජාතික කාන්තාවක් ඉතා චතුර ලෙස සිංහල භාෂාව කතා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා.

එම වීඩියෝව දැක්වෙන ආකාරයට මෙම කාන්තාව පිංලන්ත ජාතිකයෙක්.

එහිදී ඇය සිංහල ජාතික කාන්තාවන් දෙදෙනෙකු සමග සිංහල භාෂාවෙන් සංවාදයේ යෙදෙනෙ අයුරුයි මෙම වීඩියෝවේ දැක්වෙන්නේ.

‘අපේ සමහර අය ලංකාවේ ඉන්නවා මම අවුරුදු 6ක ඉඳන් සිංහල ඉගන ගන්නවා.මං හරි ආසයි සිංහල කතාකරන්න.සමහර විට මෙය දෙවියන්ගේ ආශිර්වාදයක් වෙන්න ඇති‘‘

වතාවක් ශ්‍රී ලාංකාවට පැමිණ ඇති බවත් නැවත ශ්‍රී ලංකාවට යාමට බාලොපොරොත්තු වන බවද මෙහිදී ඇය පවසා සිටිනවා.

අතරින් පතර ඉංග්‍රීසි කෑලි දාදා සිංහල කතා කරන අයටත් මැය හොඳ ආදර්ශයක් බව මෙම වීඩියෝවට අදහස් දැක්වූ බොහෝ අය සඳහන් කර තිබුණා.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න