Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පොතේ අද රෝස පාටින් ලියැවෙන වාර්තාව මෙන්න!



සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පළමු සිව් දින තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ආරම්භ වුණා.

කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දෙන බටහිර ඉන්දිය කොදෙව්වන් මේ වන විට එක් කඩුලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටිනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරඟ වදින ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කලකට පසු ලහිරු තිරිමාන්න එක්වී සිටීම විශේෂත්වයක්

මෙහිදී තවත් එක් සුවිශේෂී සිදුවීමක් වාර්තා වුණා.

ඒ මෙම තරඟය සුපුරුදු රතු පැහැති පන්දුවෙන් නොව රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීමයි

මෙය රෝස පැහැති පන්දුවකින් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන පළමු අවස්ථාවයි.

ඡායාරූප පහතින් නරඹන්න

14572155_1936450039719527_8700161303364214299_n

14192517_1936450076386190_1064325313035431783_n

14440966_1936450269719504_1231796308185947294_n

14495259_1936450126386185_1387156213056494149_n