Saturday, September 21, 2024

General line - 0115112241

තායිලන්තයේ මහමග නාන ලඳුන් (PHOTOS)



අලි නාවන්න පුලුවන් කැඩිච්ච පාරවල් ලංකාවේ අපිට නම් මහලොකු අරුමයක් නෙමෙයි.

කැඩුණු පාරක් හදාගන්න, බළධාරීන්ගේ දේශපලකයන්ගේ අවධානය දිනාගන්න, සාමාන්‍යයෙන් අපේ රටේ උදවිය නම් කරන්නේ පාරට ඇවිත් උද්ඝෝෂනයක් කරන එක.

නමුත් මෙහෙම උද්ඝෝෂනය කරනවා වෙනුවට තමන්ගේ විරෝධය පෙන්වන්න අලි නාවන වලවල් තියන කැඩුණු පාරකට වෙලා දිය ස්නානය කරනවා කිව්වොත් ඒක ටිකක් වෙනස්ම විදියේ කතාවක්.

මේ පුවත වාර්තාවන්නේ තායිලන්තයෙන්.

තායිලන්තයේ පාම් නැමැති නිරූපණ ශිල්පිණියක් එරටේ පාරවල් තිබෙන අබලන් තත්වය පිළිබඳ බළධාරීන් දැනුවත් කරන්න කැඩුනු පාරකට ඇවිත් අලි නාවන වලකට වෙලා දිය ස්නානය කරලා තියනවා.

ඇගේ මෙම ක්‍රියාව එරට සමාජ ජාලා මාධ්‍ය වල වගේම චීනයේද අතිශය ජනප්‍රියත්වට පත්වෙලා තිබෙනවා.

පසුව වෙනත් කාන්තාවන් පිරිසක්ද එකතු වෙලා ඈ කළ ආකාරයටම මේ වගේ කැඩිච්ච පාරකට වෙලා නාන අයුරු විදෙස් මාධ්‍ය අණාවරනය කරලා තිබුණා.

පසුගිය වසර 30 තිස්සේ පැමිණිලි කළත් මෙම මාර්ග අලුත් වැඩියා කිරීමට බළධාරීන් කටයුතු කොට නැති බවයි වාර්තාවන්නේ.මේ හේතුව නිසා මෙම කාලය තුළ මාර්ග අනතුරු රැසක්ද සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

කොහොම හරි මෙයාලගේ මේ වැඩෙන් පස්සේ බළධාරීන්ගේ ඇස් අරිලා.දැන් දැන් අලුත් වැඩියා කටයුතු පටන් අරගෙන තිබෙන බවත් වාර්තාවනවා.

ඡායාරූප පහතින් නරඹන්න

_91397348_pothole_sinovision

_91398258_dd083316-2303-4415-a08b-3e201f0fc7ea

_91398889_14519675_984394855020827_1261879435403342842_n

_91410196_potholes_bath_lady

_91415262_peterfix

_91415266_grannies1

_91415356_grannies2