Sunday, December 22, 2024

General line - 0115112241

‘අන්තර්ජාලයෙන් හමූවූ ඉංජිනේරු පෙම්වතා රූමත් ගුරුවරියගේ‘ ලක්ෂ 4කට විද ආගි අතක් නැතිවෙලා



ගුරුවරියකට බොරු විවාහ පොරොන්දුවක් ලබාදී ඇය සතු රුපියල් ලක්‍ෂ හතරක පමණ මුදලක් වංචා කළ ඉංජිනේරුවකු පිළිඉඳ පුවතක් මහරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිස් වාර්තා අනුව මනාලයෙක් සොයා ගැනීම පිණිස මෙම ගුරුවරිය පසුගිය දිනෙක අන්තර්ජාලයේ විවාහ යෝජනාවක් පළ කර ඇත.

එම දැන්වීම දුටු සැකකරු මෙම ගුරුවරියට කතාකොට තමා ඉංජිනේරුවකු බවත් ඇයව විවාහ කරගැනීමට කැමති බවත් පවසා ඇත.

පසුව දෙදෙනා අතර නිතර නිතර දුරකථන සංවාද ඇතිවී අති අතර ඇතිවූ සහදතාව නිසාම මෙම ගුරුවරිය සැකකරුවා පිළිබඳ දැඩි විශ්වාසයකින් සිට ඇත.

මෙම සැකකරුවා පසුගිය දිනෙක ඇයට කතා කර “අපි හැකි ඉක්මනින් බඳිමු විවාහයට රුපියල් ලක්‍ෂ තිහක් විතර යයි” යනුවෙන් පවසා පසුව හදිසි අවශ්‍යතාවක් සඳහා තමාට රුපියල් පනස් දහසක් ලබාදෙන ලෙසද ඔහු ඇයගෙන් ඉල්ලා ඇති බවද පසුව ඇය ඔහු ඉල්ලූ මුදල රැගෙන මහරගම පිළියන්දල පාරේ ස්ථානයකට ගොස් මුදල් ලබාදී ඇති බවද ඇය ඔහුව පළමු වරට දැක ඇත්තේ එදින බවද අනාවරණය වෙයි.

නැවත දින කිහිපයකින් ගුරුවරිය ඇමතූ සැකකාර පුද්ගලයා “මගේ අවශ්‍යතාවට තව රුපියල් ලක්‍ෂ තුනක් මදි” යනුවෙන් පවසා ඇයගෙන් ඔහුගේ ගිණුම් අංකයකට එම මුදල් බැර කරවාගෙන ඇත.

පසුව ගුරුවරිය විසින් අවස්ථා කීපයකදී ඔහුගේ දුරකථන අංකයට ඇමැතුම් ලබාදී තිබෙනවා.

නමුත් එම අංකය විසන්ධි වී ඇති බවත් සැකකාර පුද්ගලයා තමන්ට වංචාවක් කර ඇති බවත් දැනගත් ගුරුවරිය ඒ බව දන්වමින් මහරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.