සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ පැවති (05) තෙවැනි එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 04ක ජයක් අත්කර ගැනීමට සමත් වුණා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 371 ලබාගැනීමට සමත් වුණා.
එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් හා නායක ස්ටීවන් ස්මිත් ශතක වාර්තා කිරිමට සමත් වුණා.
පන්දු 107කින් ලකුණු 117ක් ලබාගත් වෝනර්ගේ ඉනිමට හතරේ පහර 13ක් හා හයේ පහර 02ක් අන්තර්ගත වුණා.
නායක ස්ටීවන් ස්මිත්ද වේගවත් ඉනිමික් ක්‍රීඩාකල අතර පන්දු 107කින් ලකුණු 108ක් ලබාගත් ඔහුගේ ඉනිමට හතරේ පහර 09ක් හා එක් හයේ පහරක් අන්තර්ගත වුණා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කන්ඩායම වෙනුවෙන් ඩේල් ස්ටේන් හා ඉම්රාන් ටාහිර් කඩුලු 2 බැගින් දවාගත්තා.
අනතුරුව ලකුණු 372ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹායාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 02කදී සිය ජයග්‍රාහි ඉල්ලක්කය පසුකළා.
සුපිරි පිතිකරණයක නියැලුණු ඩේවිඩ් මිලර් ශතකයක් ලබාගනිමින් ලකුණු 124ක් රැස්කළා.පන්දු 79කින් වාර්තා වූ එම ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 10ක් ඇතුළත් වුණා.
හත්වන කඩුල්ල වෙනුවෙන් ඩේවිඩ් මිලර් හා ඇන්ඩිල් ෆෙලුක්වායෝ අතර පැවති ලකුණු 107ක නොබිදුනු සම්බන්ධතාවය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජය මංමාවත් විවර කර දීමට සමත් වුණා.මෙය හඹාගොස් ජයග්‍රණය කළ තරඟයකදී හත්වන කඩුල්ල වෙනුවෙන් ඇතිවූ සිව්වන විශාලතම ලකුණු සම්බන්ධතවය වන අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු හත්වන කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ දෙවන විශාලතම සම්බන්ධතාවයි.
ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩී කොක්ද අර්ධ ශතකයක් වාර්තා කරමින් පන්දු 49කදී ලකුණු 70 රැස්කර ගැනීමට සමත්වුණා.
මෙය එක්දින තරඟ ඉතිහාසයේ වාර්තා වූ හඹාගොස් ජයග්‍රණය කළ දෙවන විශාලතම ලකුණු සංඛ්‍යාවයි.
2006 වසරේ ලකුණු 438ක ඉලක්කයක් හඹාගොස් මෙහි ලෝක වාර්තාවද තබා ඇත්තේ දකුණු අප්‍රිකාණු කණ්ඩායම වන අතර එයද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව වීම විශේෂත්වයක්.
තරඟයේ වීරයා සම්මානය හිමවූයේ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් හටයි.
ඒ අනුව තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ පැවති තරඟ3ම ජයගෙන තරඟාවලියේ ජය ලබාගෙන සිටින්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්