Tuesday, September 24, 2024

General line - 0115112241

මාධ්‍ය ආචාර ධර්ම කඩකිරීමක් පිළිබඳව නිවේදනයක්




තරුණයෙකු සියදිවි නසා ගන්නා දර්ශන සහිත ප‍්‍රවෘත්තියක් ඊයේ (08) රාත‍්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකා බොහෝමයක විකාශය කිරීම තුළින් මාධ්‍ය ආචාර ධර්ම කඩකර ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙවැනි දර්ශන විකාශය කිරීම මාධ්‍යයේ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරිමක් බවයි.

අන්තර්ජාතික මාධ්‍ය රීතීන්ට අනුකූලව රූපරාමු බොඳකර හෝ නොකර හෝ මෙවැනි අතිසංවේදී දර්ශන ප‍්‍රසිද්ධියේ විකාශය කිරීම ශිෂ්ට සමාජයක කිසිසේත්ම සිදු නොවිය යුත්තක් බවයි එහි දැක්වෙන්නේ.

ජනමාධ්‍යයට ආචාර ධර්ම මතක් කර දීම රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරයක් නොවුණද වෘත්තීයභාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එවැනි මතක් කරදීම් සඳහා සුදුසු කාලය එළැඹ ඇතැයි හැඟෙන බවද එම නිවේදනයේ සඳහන්.

විකාශන මාධ්‍ය සඳහා ස්වාධීන නියාමන ක‍්‍රමවේදයක් නොතිබීම මෙවැනි ආචාර ධර්ම කඩ කිරීමට ප‍්‍රධාන හේතුවක් බව රජය විශ්වාස කරන්නේ යැයි එහි වැඩිදුරටත් දැක්වෙනවා.

letter