Wednesday, May 8, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනෙට්ටුවේ ඇමතිවරු ගණන මෙන්න



ඒකාබද්ධ විපක්ෂය විසින් අද පිහිටුවා ගනු ලබන ඡායා කැබිනෙට්ටුවේ ඇමතිධූර එහි සියළුම සාමාජිකයින්ට හිමි නොවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

මෙම ඡායා කැබිනෙට්ටුවේ අගමැතිවරයෙක්ගෙන් සහ ඇමතිවරු 20කුගෙන් පමණ සමන්විතවනු ඇතිබවටයි වාර්තා වන්නේ.

ආරක්ෂක, වෙළඳ, මුදල්, අධිකරණ, අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, විදේශ කටයුතු, ප්‍ර‍වාහන හා මහා මාර්ග, කෘෂිකර්ම, ධීවර, වාරි මාර්ග, නිවාස හා ඉදිකිරීම්, විදුලිබල හා බලශක්ති වැනි ඇමතිධූර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍ර‍භලයින්ට හිමිවනු ඇති බවද වාර්තා වනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පක්ෂ  නායකයින් සියළු දෙනාටම පාහේ ඇමතිධූර ලැබෙනු ඇතැයිද වාර්තා වනවා.