Sunday, December 22, 2024

General line - 0115112241

මංගල ගමනේදී මනාලයා මනාලියගේ උරහිසේ අවසන් සුසුම් හෙළයි – ඒ කඳුළු කතාව මනාලිය කියන්නේ මෙලෙසයි



වසර තුනක පමණ ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව විවාහ දිවියට ඇතුළත්ව සිය මනාලිය නිවසට කැන්දාගෙන එන අතුරතුරදී මනාලියගේ දෑත මත මනාලයා හෘදයාබාධයකින් මියගිය පුවතක්‌ ඉබ්බාගමුවෙන් වාර්තා වනවා.

මෙම මනාලයා ඉබ්බාගමුව තලහින්න ප්‍රදේශයේ පදිංචි අතර මනාලිය මාතර හක්‌මන පනම්විල පදිංචිකාරිනියක් වනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම මනාලිය විසින් පුවත්පතකට පහත පරිදි සඳහන් කර තිබෙනවා.

“මම මාතර හක්‌මන, ඉසුරු ඉබ්බාගමුවේ. අපි දෙන්නා 2014 කතරගම වන්දනාවේ ආවා. එදා තමා ඔහුත් මාත් ප්‍රථම වරට දැක්‌කේ. පසුගිය හයවනදා තමයි විවාහ උත්සවය ගත්තේ. එයා මාත් එක්‌ක විහිළු කරමින් ඩාන්ස්‌ කළා. අපි ඉබ්බාගමු එන්න පිටත් වුණේ සවස 3.30 ට විතර. මාතර අධිවේගී මාර්ගයේ සුන්දර තැනක්‌ දැකලා පින්තූර ටිකක්‌ ගනිමුයි කියලා අපි පින්තූර ගත්තා. ඒ තමයි අවසානයට ගත් පින්තූර. ඇහැලිගොඩ නගරයට එන විට රාත්‍රි 8.30 ට පමණ ඇති. අපි දෙන්නා අනාගතය ගැන විවිධ කතා කියමින් විහිළු කර ගනිමින් මංගල රථයේ ආවේ.

එක පාරටම එයා මට මහන්සියි මං ටිකක්‌ නිදා ගන්නවා. ඔයාගේ කරට හෙත්තු වෙන්නම් කියලා මගේ කරට හිස තියා ගත්තා. මට වෙනසක්‌ දැනුණා. වාහනය නතර කරන්න කියලා අනෙක්‌ අයටත් දැනුම් දුන්නා. පසුව එයාට සිහිය නැහැ. අපේ ඥතීන් ඉසුරු ඉක්‌මනට අවිස්‌සාවේල්ල රෝහලට ඇතුළත් කළා. දොස්‌තර මහත්වරු කීවා වැඩක්‌ නෑ හරිම කනගාටුයි එයා මිය ගිහිල්ලා කියලා. “