එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර අද්භූත සිදුවීමකින් තුවාල ලබා ඇති බවට වාර්තා පළවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් nethgossip.lk කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ පසුගිය සිකුරාදා අලුයම මෙම සිදුවීමට මුහුණ දුන් බවයි.
මන්ත්රීවරයා මේ සිදුවීමට මුහුණ පා තිබෙන්නේ නුවරඑළියේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ගේ නිල නිවාසයේදීයි.
“සිකුරාදා අලුයම 3ට පමණ මං නාන කාමරයට ගියා. එතැනදී කාමරේ එකපාරටම පිටිපස්සෙන් මාව තල්ලු කළා. මං බිම වැටුණා. මගේ මුහුණ තුවාල වුණා. කාමරය ලොක් කරලා තිබුණු නිසා කාටවත්ම එන්න විදියක් නැහැ. ඒ සිද්ධියෙන් පසුව හැම තැනම බැලුවත් කවුරුත්ම දැක්කේ නැහැ.
මේක හිතාගන්න බැරි අද්භූත සිදුවීමක්. මේ මවුන්ට් බැටන් සාමිවරයා හිටපු නිවෙස. 1905 දී මේ නිවෙස හදලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්ත්රී නිවාඩු නිකේතනය බවට පත් කරලා තියෙන්නේ 80 දශකයේදී. මේ සිද්ධියෙන් පසුව මං කරපු සොයා බැලීම්වලදී දැනගන්න ලැබුණා ඇතැම් අවස්ථාවලදී සමහරුන් මෙහිදී අද්භූත සිද්ධිවලට මුහුණ දුන්නා කියලා. මාත් අවතාර විශ්වාස කළේ නැහැ. ඒත් මං මුහුණ දුන් අද්භූත සිද්ධිය හිතාගන්න බැහැ” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රි නලින් බණ්ඩාර සඳහන් කළා.