Wednesday, May 8, 2024

General line - 0115112241

කැබිලිත්තට බහිරවයෙක්! ඇමතිගෙ නම විකුණා හාමුදුරු කෙනෙක් පිං පෙට්ටි සවි කරලා!



කැබිලිත්ත පූජා භූමියේ පිං පෙට්ටි සවිකර ඇතැයි පාර්ලිමේන්තුවේදී අද  (07)හෙළි වුණා. ඒ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගෙන් ඒ පිළිබඳ විමසීමේදීය.

කැබිලිත්ත පූජා භූමිය වට්ටාරම පන්සලට හෝ එහි නායක හාමුදුරුවන්ට භාර දීල තියෙනවද? නායක හාමුදුරුවො පිං පෙට්ටි හයිකරනව, සිවුරු ටික අරං යනව, පඬුරු ටික අරං යනව… කෙන්ක්‍රිට් දාල හැම තැනම පිං පෙට්ටි සවි කරල තියෙනව… කැබිලිත්ත පූජා භූමිය වට්ටාරම පන්සලට අයිති දේපලක් කියලයි කියන්නෙ. මේක වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක්.. මේකට ඔබතුමා මොකද කරන්නෙ?

කැබිලිත්ත කියන්නෙ කාටවත් අයිති භූමියක් නෙවෙයි. වන ජීවී භූමියක්… පන්සල් වලට හෝ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. මගේ නම විකුණලලු ඒ හාමුදුරුවො මේක කරනව කියන්නෙ. මට මේක ආරංචි වෙච්ච වෙලාවෙම නිලධාරීන් පිරිසක් යැව්ව. ඒව ඔක්කොම ඉවත් කරන්න කිව්ව.