සිය 11 හැවිරිදි පුතා නිදිපෙති දී නිදිකරවා අනියම් සැමියකු නිවෙසට ගෙන්වා ගනිමින් ඔහු සමඟ අනියම් සබඳතා පවත්වන මවක් පිළිබඳ තොරතුරු වාර්තාවේ.
මෙසේ නිදිපෙති ලබාදීම හේතුවෙන් තම බාල මල්ලී අසීමිත ලෙස මහත් වීමට පටන් ගෙන ඇති බවත් මේ තත්ත්වය තුළ ඔහු අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් පවසමින් සාමණේර හිමිනමක් විසින් කැබිතිගොල්ලෑව පොලීසියට පැමිණිළිකර තිබෙනවා
පැමිණිල්ල මගින් සාමණේර හිමියන් දක්වා ඇත්තේ තමන්ට මල්ලිලා දෙදෙනකු සිටින බවත්, ඉන් වැඩිමහල් සහෝදරයා රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන බවත් බාල මල්ලි මව සමඟ නිවෙසේ ජීවත් වෙමින් සිටි බවත්ය.
මව සමග ඇතිවන රණ්ඩු සරුවල් නිසා (11) හැවිරිදි මෙම දරුවාගේ පියාද ඇගෙන් වෙන්වී වාසය කරන බවත්,දරුවා වෙනුවෙන් මාසිකව රුපියල් 5000 නඩත්තු මුදලක් ලබාදුන්නද එම මුදල් ඔහුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හෝ මල්ලිගේ වෙනත් කිසිදු කටයුත්තකට නොයොදවන බවත්, ඔහු නිවෙසේ තබාගෙන සිටින්නේ නඩත්තු ලබා ගැනීමේ අරමුණින් මිස ඔහුට ඇති සෙනෙහසක් නිසා නොවන බවත් සාමණේර හිමියන් පොලීසියට පවසා ඇත.
මව මෙම අනියම් සැමියා සෑම දිනයකම පාහේ රාත්‍රියේ නිවෙසට ගෙන්වා ගන්නා බව 11 හැවිරිදි දරුවාද පොලීසියට පවසා තිබෙනවා.
පසුව මව සමග ජීවත් වූ මෙම දරුවා සාමණේර හිමියන් වැඩවසන පන්සලට රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.