වෙනිසියුලාවේ පවතින ආර්ථික කඩා වැටීම නිසා එරට බන්ධනාගාර වල සිටින සිරකරුවන් ආහාර නොමැතිව බඩගින්නේ මියයන පුවතක් විදෙස් මාධ්‍ය අණාවරනය කරනවා.
ආහාර නොමැති වීම හේතුවෙන් ඉතා කෘශ වූ වෙනිසියුලාවේ මධ්‍යම බන්ධනාගාරයේ සිටින සිරකරුවන් පෙළක් දැක්වෙන ඡයාරූප හා වීඩියෝ පෙළකුයි මෙලෙස අන්තර්ජලයට එක්වී ඇත්තේ.
මෙම වීඩියෝවේ දැක්වෙන ආකාරයට මෙම සිරකරුවන් ආහාර ඉල්ලා ලොකයේ සිටින අනෙකුත් අයට අයාචනා කරනවා.
සිරකරුවන් අතරින් බඩගින්නේ එක් සිරකරුවෙකු මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
එරට පොලීසිය විසින් සිරකරුවන්ට ගෙන යන ආහාර සහ බෙහෙත් දුව්‍ය වලක්වා ඇති බවයි සඳහන් වන්නේ.
වීඩියෝවේ දැක්වෙන පරිදි සිරකරුවන් දෙදෙනක් පවසන්නේ බලන්න අප දෙස අපට කෑම බීම බෙහෙත් අවශ්‍යයි කියායි.
අපි හැමෝම මනුෂ්‍යයන් අපට තව අවස්ථාවක් දෙන ලෙසද , අපට මෙහෙ මැරෙන්න දෙන්න එපා අපට උදව් කරන්න ලෙස සිරකරුවන් විසින් මෙහිදී ඉල්ලා සිටිනවා.
ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න.