බොට්ටු අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා කියපු තරුණයෙක්ට දින දෙකකට පස්සේ පණ ආපු පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සිද්ධිය සැකවින් මෙසේය.
පසුගිය මාසේ (27) වැනිදා ඉෂාන් පුතා නම් යාත්‍රාවකින් ධීවරයින් 6 දෙනෙකු මුහුදු ගොස් තිබෙනවා.ඒ ගාලු වාරායෙන්.
පසු දිනෙක මෙම ඉෂාන් පුතා නම් යාත්‍රාව සහ තවත් ධීවර කටයුතු සඳහා පැමිණි යාත්‍රාවක් එකිනෙක ගැටී තිබෙනවා.
මේ හේතුවෙන් එක් ධීවරයෙකු ඒ මොහොතේම මියගොස් තිබෙනවා.
මෙම පුවත ගාලු හා හම්බන්තොට වරායන් මගින් මිය ගිය අයගේ ඥාතීන්ට දන්වා තිබුණා.
ඔවුන්ගේ පණිවුඩ වල මිය ගිය අය ලෙස සටහන් වී තිබුණේ මහමෝදර සියඹලාගහවත්ත පදිංචිව සිටිඉෂාන් මංජුල නැමැති 21 තරුණයායි.
පසුව ශෝකයට පත් තරුණයාගේ ඥාතීන් ගාලු වරායෙන් ඔහුගේ මෘත දේහය ගෙනනතෙක් අවමංගල කටයුතු සඳහා සූදානම් වී තිබෙනවා
කෙසේ වෙතත් මෘත දේහය රැගත් බොට්ටු ඊයේ රාත්‍රියේ ගාල්ල වරායට පැමිණෙමින් සිටියදී ‘‘ අපි තව ටිකකින් එනවා‘‘ ලෙස ජංගම දුරථකනයකින් දන්වා තිබෙනවා.
එවිට ඉෂාන්ගේ ඥාතියෙකු ඔහුගේ දේහය තත්වය කුමක්ද කියයි.
පසුව බොට්ටුවේ සිටි පිරිස පුදුමයෙන් පවසා ඇත්තේ ඉෂාන්ට කිසිවක් නොවූ බවත් වෙන කෙනෙතු මැරුණු බවත්ය.
පසුව ඉෂාන් වෙනුවෙන් සූදානම් කළ අවංමගල කටයුතු සියල්ල ඉවත්කරලා එම අවංමගල උපකරණ සියල්ල සජිත්ගේ නිවසට රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධියෙන් සැබෑවටම මියගොස් තිබුණේ සජිත් මධුසංඛ නම් ඉෂාන්ගේ අසල්වාසි තරුණයෙකුයි.