මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරුන් 21 දෙනෙකු මසක කාලයකට ඩෙන්මාර්ක් සංචාරයකට එක්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර විශේෂඥ වෛද්‍යවරු හයදෙනකු සහ වෛද්‍ය නිලධාරීන් පහළොස් දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
මොවුන් මෙම සංචාරයට එක්ව ඇත්තේ වෛද්‍ය සමුළුවකට සම්බන්ධ වන බවට සඳහන් කරමිනුයි.
නමුත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මොවුන් මෙම සංචාරයට එක්ව ඇත්තේ ඖෂධ සමාගම්වල වියදමින් බව පැවසේ.
මෙම සංචාරයට එක්වුණු වෛද්‍යවරුන් වෙනුවට වැඩ ආවරණය කිරීමට වෙනත් වෛද්‍යවරු නොමැති බවත් මේ හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත්ව ඇති බවත් සඳහන්වේ.
තවද මෙම වෛද්‍යවරුන්ගෙන් බොහොමයකට විදෙස් සංචාරයක් සඳහා අනුමැතිය ලැබී නැති බවද වාර්තාවේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රෝහලේ ඉහළ නිළධරයෙකු පවසන්නේ මෙම සංචාරය හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරිම අඩාල වී නැති බවය.
ඇතැම් වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ඇති බවත්,තවත් කිහිපදෙනෙකු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ලිපි සඳහා අනුමැතිය ලැබී නැති බවත් දැනගන්නට ඇතැයි පැවසේ.