Saturday, May 11, 2024

General line - 0115112241

බිරියගේ කඩු පහරින් බරපතළ තුවාල ලැබූ සැමියා ලේ ගල ගල කළුතර සිට කෑගල්ලට ගිහිල්ලා



කඩු පහරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් හිසෙන් ලේ ගලමින් සිය බාල සහෝදරයා සමඟ කළුතර සිට කෑගල්ල ප්‍රදේශයට යතුරු පැදියකින් ආ පුවතක් වාර්තාවේ.

පසුව ඔහු උඳුගොඩ ග්‍රාමීය රෝහලට පෙරේදා (11දා) අලුයම පැමිණ ඇතුළත්ව වී ඇති අතර අනතුරුව කෑගල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ නිරෝෂන් කුමාර නමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.

සිය බිරිඳ සමග කලක පටන් පැවති පවුල් ආරවුලක් දුරදිග ගොස් බිරිඳ සහ ඇගේ සහෝදරයින් එක්ව මෙම පුද්ගලයාගේ හිසට කඩුවෙන් කොටා ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධියෙන් හිසෙහි බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ලේ ගලන හිසත්ද සමගින් සිය බාල සහෝදරයාද කැටුව යතුරු පැදියකින් කෑගල්ල ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.