Monday, September 23, 2024

General line - 0115112241

මහජන බැංකුව වන්දි ඉල්ලයි




පුවත්පත් දෙකකින් මිලියන දහසක් වන්දි ඉල්ලා මහජන බැංකුව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

ඒ, එම පුවත්පත්වල ඉකුත් දා පළ කෙරුණු වාර්තාවකින් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින්.

මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ වාර්තාව පළ කර තිබුණා. එහි ඇතුළත් වූ කරුණු අසත්‍ය ඒවා බවයි මහජන බැංකුව වැඩිදුරටත් කියා සිටියේ.