Thursday, March 28, 2024

General line - 0115112241

එංගලන්තයේදී වෙච්ච දේ මැතිවුස් හෙළි කරයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් ගේ සහභාගීත්වයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී අද (07) පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ, එංගලන්ත සංචාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට අත්වූ ඉරණම පිළිබඳ පැහැදිලි කිරීමටයි.

“පන්දු යවන්නන් 05ක් ආභාධවලට ලක්වුණා. අපේ පන්දු යැවීමේ බල ඇණිය දුර්වල වුණා. ඊට පස්සෙ ඉතුරු වුණ පිරිසෙන් තමයි කණ්ඩායම සමන්විත වුණේ.“ යැයි ඔහු පැවසුවා.

මේ අතර විනය විරෝධී හැසිරීම හේතුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩක කිත්රුවන් විතානගේට වසරක තරග තහනමක් පැනවූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.