Saturday, May 11, 2024

General line - 0115112241

මම මුකුත් කීවේ නෑ:මම කවදාවත් දැක නැහැ, වෝනර් – තාහිර් ගැටුමෙන් දෙපිළම හොල්මන් වෙති (VIDEO)



සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසාන තරඟය ඊයේ (12) පැවැත්වුණා.

මෙම තරඟයෙන් ලකුණු 31 ජයක් හිමිවූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමටයි.

ඒ අනුව පැවති තරඟ 5ම ජයගනිමින් තරඟාවලියේ ජය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.

කෙසේ වෙතත් ඊයේ තරඟයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහිර් හා ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වොනර් අතර යම් බහින් බස්වීමක් සිදුවුණා.

මෙම බහින් බස්වීම ඇති වන්නේ තරඟයේ 37වන පන්දුවාරයේදීයි.

දකුණු අප්‍රිකානු ක්‍රීඩයකයන් මෙන්ම විනිසුරුවන්ද මොවුන් දෙදෙනා සමථයකට පත්කිරීමට උත්සහ කළා

සිය පන්දුවාර 10 අවසානයේ ලකුණු 42කට කඩුලු දෙකක් දවාගන්නා තාහිර් සිය පළමු ඕවරයේ ඇරොන් ෆින්ච්ද,ස්ටීවන් ස්මිත් ලකුනු නොලබා දවා ගැනීමටද සමත් වනවා.

කෙසේ වෙතත් තාහිර්ගේ පන්දුවාර 10 නිමවීමෙන් පසුව වොනර් තාහිර්ට සුභ පතනවා.

තරඟාවලිය පුරා විශිෂ්ඨ පිතිකරණයක නියැලුණු ඩේවිඩ් වෝනර් පන්දු 136කින් ලකුණු 173ක් ලබා ගැනීමට සමත් වනවා.

තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ ඩේව්ඩ් වොනර් පවසා සිටියේ පිටියේ සිදුවන දෑ කෙසේ හෝ සිදුවන බවයි.

‘‘වුණේ කුමක්ද කියා තාම මට හරි අදහසක් නැහැ.කෙසේ නමුත් ජීවිතේ පළවෙනි වතාවට මම මුකුත් කීවේ නෑ‘‘

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඩූ ප්ලෙසිස්ද සඳහන් කර සිටියේ තාහිර් මෙලෙස හැසිරෙනවා ඔහු මින් පෙර දැක නොමැති බවයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.