Monday, September 23, 2024

General line - 0115112241

කුලප්පූවූ අශ්වයාගේ කටකලියාවේ පැටලුණු සේවකයා කිලෝමීටරයක් දුර ඇදගෙන ගිහිල්ලා(PHOTOS)




දඹුල්ල ප්‍රදේශයේ අශ්ව ගාලක පුහුණු කරමින් අශ්වයෙකු කුලප්පු වී එහි සේවකයෙකු මීටර් 900ක පමණ දුරක් ඇදගෙන යාම හේතුවෙන් එම පුද්ගලයා තුවාල ලබා රෝහල්ගත කර තිඛෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අශ්වයින් පුහුණු කරන 54 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලැබූ පුද්ගලයා පුහුණු කිරීම සඳහා අශ්වයෙකු පාරේ රැගෙන යමින් සිටියදී වාහන ශබ්දයට එම අශ්වයා කුලප්පු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේ වේගයෙන් දුවන්නට පටන්ගෙන ඇති අශ්වයාගේ කටකලියාව සහිත ලණුවේ කෙළවරක් තුවාලකරුගේ අතේ පැටලී සිරවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

white-cane-day-www-nethnews-lk00003

white-cane-day-www-nethnews-lk00001

white-cane-day-www-nethnews-lk00002