Monday, May 6, 2024

General line - 0115112241

බැංකොක් නුවර ජනතාවගෙන් පිරෙයි (PHOTOS)




ජීවත්ව සිටියදී පවා ජනතාව මල් තබා වැඳුම් කළ තායිලන්තයේ සාර්ථකත්වයේ මැවුම් කරු වූ “බූමි බෝල්” රජුගේ අවසන් කටයුතු බැංකොක් හි රජ්‍ය මැදුරේ දී සිදු කිරීමට නියමිතයි. තායිලන්ත ජනගහනයෙන් 94%ක් ථේරවාදී බෞද්ධයන් වන අතර රජු ද ඉතා යහපත් බෞද්ධයෙකු බැවින් අවසන් කටයුතු සියල්ල ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කිරීමට තායි ආණ්ඩුව සහ රජ පවුල තීරණය කර තිබෙනවා.

තායිලන්තයට පැමිණෙන ඕනෑම සංචාරකයෙක් පුදුම කරවන ගෞරවයක් “බූමි බෝල්” රජුට මේ රට තුල තිබුනා. විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි බොහොමයක එක් පැත්තක් සම්පුර්ණයෙන්ම රජුගේ රුවින් වර්ණවත් කිරීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරනවා. අධිවේගී මාර්ගයකට ඇතුළුවන ස්ථානයේ ඇති දැවැන්ත තොරණ හැඩ වී තිබෙන්නේ රජුගේ සහ බිසවගේ රූප දෙකකින්. මීට මාසයකට පෙර අවසන් කළ ඉදිකිරීමකට පවා බොහෝ අය රජුගේ තරුණ කළ පින්තුරයක් හෝ රජුගේ විවාහ මංගල්‍යයේ පින්තුරයක් සවි කරනවා. තායි වැසියන් රජු තවමත් තරුණ ලෙස දැකීමට දක්වන කැමැත්ත ඉන් මනාව පිළිඹිබු කරනවා. සෑම සංචාරක හෝටලයකම රජුගේ රුවින් යුතු පින්තුරයක් තිබෙන අතර තායි වැසියන් දෛනික කටයුතු ආරම්භ කරන්නේ බුදුන් , දෙවියන් සහ රජු වන්දනාමාන කිරීමෙන් අනතුරුවයි.මංමාවත් රැසකදීද එලෙසම රජු ජනතාවගේ වන්දනාවට පත්‍ර වන අතර “රජු දිනේවා – දීර්ඝායු වේවා ” යනුවෙන් සවි කළ පුවරු ද ලක්ෂ ගණනක් දක්නට පුළුවන්. ඒවා බලහත්කාරයෙන් කරවූ ඒවා නම් නොවෙයි . තායිලන්තයේ සෑම සිනමා ශාලාවකම චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට පෙර රජු වෙනුවෙන් “වාදනයක්” ඉදිරිපත් කරනු ලබන අතර එවිට සියලු තායි ජාතිකයන් සිය අසුන් වලින් නැගී සිටිනවා.එම වාදනය අවසන් වන්නේ “රජු දිනේවා – දීර්ඝායු වේවා ” යනුවෙන් සඳහන් කරමින්. සිනමා ශාලාව තුල සිටින විදේශිකයන් පවා එම අවස්ථාවේදී නැගී සිට රජුට ගෞරව කරනු ලබනවා.මේ අසහාය භක්ත්‍යදරයට පත්‍ර වීම, සුළු පටු පින් මහිමයක් නොවන බව තායිලන්තයට පළමු වරට යන්නෙකුට පවා අවබෝධ වන අපුර්වත්වයක්.එය දැක, සංචාරකයෙකු “ඔබේ රටේ මීළඟ රජු කවුරුන්දැයි” තායි වැසියෙකුගෙන් විමසුවහොත්, එම තායි ජාතිකයා දැඩිව උරණ වනු ඇති. මන්ද රජුගෙන් පසුව කෙනෙකු රජ වන්නේ නම් සිටින රජු මිය යා යුතුය. “බූමි බෝල්” රජු මියයෑම තයිවැසියෝ සිතන්නටවත් කැමති නැත. දැවැන්ත මාර්ග පද්දතියක් හිමි බැංකොක් නුවර එකවරම ඇතැම් මාර්ගවල වාහන ගමනාගමනය නතර කර රියදුරන් සහ තායි වැසියන් සිය වාහන වලින් බසිනවා . හේතුව නම් ඒ මොහොතේ අදාල මාර්ගයට ඉහලින් ඇති තවත් අධිවේගී මාර්ගයක හෝ එම මාර්ගයේම රජු ගමන් කරන නිසා රජුට ගෞරවයක් ලෙසයි.බැංකොක් හි ගුවන් විදුලි නාලිකා කිහිපයක්ම වෙන්වී තිබෙන්නේ රථවාහන තදබදය හා සම්බන්ද ප්‍රවෘත්ති සඳහායි. ඒවායින් රජු පැමිණෙන බව ඇතැම් විට පවසනවා .

මේ වනවිට රටේ ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා .සති දෙකක් සියලු කටයුතු නතරකර රජු වෙනුවෙන් ශෝක වීමට තායිලන්ත රජය ජනතාවට ඉඩ දුන්නා.ඒ අනුව සියලු විනෝද කටයුතු මාසයකට නතර වී තිබෙනවා. ඊට අමතරව රජු වෙනුවෙන් වසරක කාලයක් 2017 ඔක්තෝබර් 13 දක්වා රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර කිසිදු රාජ්‍ය උත්සවයක් එම කාලය තුල තායිලන්තය තුල නොපැවැත්වීමට රජය නියෝග කර තිබෙනවා.

අග්නිදිග ආසියාවේ වැඩිම සංචාරක ආරක්ෂණය ඇති රට ලෙස සැලකෙන තායිලන්තයේ “නව ලෝකයේ නිර්මාණකරු” තරුණ “බූමි බෝල්” කුමරු බවට එරට ජනතාව විශ්වාස කරනවා. අද දැවැන්ත සංචාරක ආකර්ශනයක් ඇති “පතායා” නගරය සහ පුකෙට් සංචාරක පරාදීස රජුගේ සංකල්ප බවයි පැවසෙන්නේ. නව ගුවන් තොටුපළ සංවර්ධනය , ග්‍රාමීය කෘෂිකර්මය නගා සිටුවීම , බෞද්ධ සිද්ධස්ථාන දියුණු කිරීම , සාර්ථක විදේශ ප්‍රතිපත්තිය , ජාත්‍යන්තර අධ්‍යාපනය රට තුලට ගෙන ඒම , තායි වැසියන්ට ඉංග්‍රීසි අධ්‍යාපන අවස්ථා උරුම කර දීම සහ ආණ්ඩු බලය දරා සිටින පක්ෂය හෝ සභාග ආණ්ඩුවට ඍජු නියෝග ලබා දීම තුළින් “බූමි බෝල්” රජු ජනතාව අතර වීරයෙක් බවට පත් වුණා. විටෙක රතු සහ කහ කමිස කරුවන්ත ලෙස දේශපාලන කණ්ඩායම් දෙකක් බැංකොක් නගරය සහ ජාත්‍යන්තර ගුවන් තොයුපළ බලෙන් අල්ලාගෙන සිටි අවස්ථාවක ජනතාව ඒවායින් ඉවත්වූයේ රජුගේ නියෝගයකට අනුවයි.   තරුණ කාලයේ ඔහුගේ බෙල්ලේ එල්ලාගත් කැමරාවෙන් ,තායිලන්තයේ “නව ලෝකය” එදා දුටු බව තායි වැසියන් මන්තරයක් සේ අදත් පවසනවා.

ලොව වැඩිම කාලයක් රාජ්‍යත්වය දරමින් සිටි භූමිබෝල් අදුල්යාදේජ් රජු අවුරුදු 88ක් ආයු වළඳා පසුගිය 13දා අභාවප්‍රාප්ත වුණා.

වසර 70ක් රාජකීය සිහසුන දැරූ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තය තුළ සිදුවූ විවිධ දේශපාලන හැලහැප්පීම් මාධ්‍යයේ වුවද, ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වෙමින් ඉන්ද්‍ර කීලයක් සේ නැගී සිටි යුග පුරුෂයෙකු බව කියාපාන හොඳම උදාහරණය වන්නේ මේ වනවිට බැංකොක් නගරයට රොක්වී සිටින ජනතාවයි.පසුගිය වසර කිහිපය පුරා රෝගාතුරව සිටි භූමිබෝල් රජු, එම කාලය පුරාවට ජනතාව ඉදිරියට පැමිණියේද අවස්ථා කිහිපයකදී පමණක් වීම නිසා ජනතාව මේ ආකාරයෙන් රජුගේ මාලිගය පිහිටි බැංකොක් වෙත ඇදෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

රාජකීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකුද වූ රජුගේ පුත්‍රයා වන තායිලන්තයේ නව ඔටුන්න හිමි මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු එරට නව රජු ලෙස කිරුළු පළඳිනු ඇති. එහෙත් එම කටයුත්ත සිදුකරන දිනය පසුව දැනුම්දෙන බව රජ පවුල නිවේදනය කර තිබෙනවා.තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පවසා සිටියේ බෞද්ධ රජෙකු ලෙස දීර්ඝ කාලයක් සිය රට වෙනුවෙන් සේවය කළ භූමිබෝල් රජු අනිවාර්යයෙන්ම දෙවියන් අතර ඉපදී , එතුමා මේ වනවිට රටේ ජනතාව දෙස බලාගෙන සිටිනු ඇති බවයි.

1927 දෙසැම්බර් 05 වැනිදා ඇමෙරිකාවේ, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ, කේම්බ්‍රිජ් හිදී උපත ලබා ඇති භූමිබෝල් රජුගේ පියා මහිදෝල් අදුල්යාදේජ් කුමරුයි. ඔහු හාවඩ් සරසවියේ ඉගෙනුම ලබන කාලයේදී භූමිබෝල් කුමරු ඉපදුණා.හාවඩ් අධ්‍යාපනයෙන් පසුව මහිදෝල් කුමරු යළි සිය බිරිඳ හා දරුවා සමග තායිලන්තයට පැමිණි අතර, භූමිබෝල් කුමරුට වයස අවුරුදු දෙකේදී මහිදෝල් රජු මිය ගියා.පියාගේ අභාවයෙන් පසුව භූමිබෝල් කුමරුගේ මව සිය පුතුද සමග ස්විට්සර්ලන්තයට ගිය අතර, ඔහු එහිදී සිය අධ්‍යාපනය ලැබුවා.කෙසේ වෙතත්, වර්ෂ 1932 දී තායිලන්ත රාජ්‍යත්වයේ බලතල අඩු කිරීමෙන් පසු රජ පවුලට හිමි රාජකීය තත්ත්වය ක්‍රමයෙන් හීන වූ අතර 1935 දී භුමිබෝල් කුමරු ගේ මාමා වූ ප්‍රජාධිපොක් රජු සිය රාජ්‍ය පාලනය ඊළඟ පරම්පරාවට ලබා දුන්නා.මේ තත්ත්වයත් සමග තායිලන්ත සිහසුන භූමිබෝල් කුමරුගේ සහෝදරයෙකු වූ එවකට 9 හැවිරිදි වියේ පසුවූ ආනන්ද කුමරු වෙත හිමි උණා.
නමුත්, 1946 වසරේ බැංකොක් රජ මාලිගයේ සිදුවූ වෙඩි තැබීමකින් ආනන්ද රජු මිය යාමෙන් පසුව භූමිබෝල් වෙත රාජ්‍යත්වය හිමි වූ අතර, එවකට ඔහුගේ වයස අවුරුදු 18ක්. භූමිබෝල් කුමරු තම අධ්‍යාපන කටයුතු සඳහා ස්විට්සර්ලන්තයට නැවත ගොස් සිටියදී පැරීසියේ කළ සංචාරයකදී සිය අනාගත බිරිඳ වූ සිරිකිට් කුමරිය හමුවීම සිදුවූ අතර එවකට ඇය තායිලන්තයේ ප්‍රංශ තානාපතිවරයාගේ දියණිය වුණා.මේ සුන්දර තරුණ යුවළගේ හමුව 1950 අප්‍රේල් 28 වැනිදා ඔවුන් යුගදිවියට එළැඹීමෙන් කෙළවර වී සතියකින් “බූමි බෝල්” රජු පුර්ණ වශයෙන් තායිලන්තයේ රජු ලෙස කිරුළු පළඳිනු ලැබුවා.

12158067_g 12158069_g 161014021040-ripley-thai-king-bhumibol-adulyadej-dies-thai-reaction-00014213-large-169 thailand-mourns-bhumibol-adulyadej-death_4248505_ver1-0_640_360

24_40193586_-_14_10_2016_-_thailand-king-politics-royal-royals-politics

0490bdcad730ba0e4e7a868f91511cf9

926thailand-obit-king-bhumibol

174616

455454

20161013t223739z_1_lynxnpec9c1ro_rtroptp_4_thailandkingusaasia

King Bhumibols portrait above airport road at Suvarnabhumi International Airport Bangkok Thailand
King Bhumibols portrait above airport road at Suvarnabhumi International Airport Bangkok Thailand

89137286_thaiking_172321b

1476418689593

file-photo-of-thailand-s-king-bhumibol-adulyadej-r-taking-a

hm-king-bhumibol-adulyadej

king-bhumibol-adulyadej-vii

OLYMPUS DIGITAL CAMERA
OLYMPUS DIGITAL CAMERA

king-bhumibol-adulyadej-greets-a-loyal-subject

king-bhumibol-adulyadej-thailand

king-bhumibol-reuters_650x400_71476170327

princess_sri_sangwal_and_king_bhumibol_adulyadej

rtss16c-e1476357665510

scouts11