Monday, September 23, 2024

General line - 0115112241

අගමැති බ්‍රසල්ස් යයි




ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ලබා ගැනීම සඳහා යුරෝපා සංගමයේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) අලුයම බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර බලා පිටත්ව ගියා.

මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍යවරයා බෙල්ජියම් අග‍්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් සහ ලොව්රාන් කුමරු ප‍්‍රමුඛ බෙල්ජියමේ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් සමග සාකච්ඡා කරනු ඇති.

එමෙන්ම යුරෝපා සංගමයේ සහ යුරෝපීය කවුන්සිලයේ සභාපතිවරුන් සහ ප‍්‍රධාන නිලධාරීන් සමගද අග‍්‍රාමාත්‍යවරයා සාකච්ඡා කරනු ඇති.