Saturday, May 11, 2024

General line - 0115112241

තීරු බදු සහන යටතේ Hummer රථයක් ගෙන්වපු එකම මන්ත්‍රීගේ වතගොත මෙන්න…



තීරු බදු සහන යටතේ වාහන ගෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් එක් මන්ත්‍රීවරයකු පමණක් Hummer වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා තිබෙනවා. ඒ යාපනය දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ය.

සිද්ධාර්ථන් කලක් උතුරේ සන්නද්ධ සංවිධානයක් ලෙස සක්‍රීයව තිබූ PLOTE සංවිධානයේ වත්මන් නායකයාය. ඒ එම සංවිධානයේ නිර්මාතෘ උමා මහේෂ්වරන් 1989 ජුලි මස 16 කොළඹදී මරාදැමීමෙන් අනතුරුවය.

වෘත්තීයෙන් ගණකාධිකාරීවරයකු ලෙස කටයුතු කර ඇති සිද්ධාර්ථන් තනිකඩයෙකි. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ධර්මලිංගම්ගේ පුතෙකි. 1980 සමය වනතෙක් LTTE සාමාජිකයකු වූ සිද්ධාර්ථන් උමා මහේෂ්වරන් සමග LTTE සංවිධානයෙන් බිඳී විත් PLOTE සංවිධානය බිහිකරගනු ලබනවා. ඔහු 1994 මහ මැතිවරණයෙන් වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත්වනවා.

aaaa aaa aa