Thursday, May 2, 2024

General line - 0115112241

196kmph වේගෙන් යන ෆොර්මියුලා රථයක් ලංකාවෙන් ( PHOTOS)



ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් විසින් ප්‍ර‍ථම වරට ෆොර්මියුලා රේසිං රථයක් නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා.

මෙයට මූලිකත්වය ගෙන ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලීය සිසුන් පිරිසකි.

එංගලන්තයේ විශ්ව විද්‍යාලයක් විසින් පවත්වන තරඟයකට ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙය නිර්මාණය කොට ඇති
බවයි වාර්තා වන්නේ.

මෙම තරඟය සඳහා රටවල් 34 නියෝජනය කරමින් විශ්ව විද්‍යාල 134ක සිසුන් 3000 පමණ සහභාගී වනවා.

ජූලි 14ත් – 17ත් අතර මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.

වසර ගණනක උත්සහක් මල්ඵල දරමින් ඊයේ (07) ඔවුන් වැඩ අවසන් කළ ෆොර්මියුලා රථය එළි දක්වනු ලැබුවා.

තත්ව පරීක්ෂා‍වේදී 196kmph වේගයක් ලබා ගැනීමට මෙම රථය සමත් වූ බව ඔවුන් පවසනවා.

එම රථයේ ඡයාරූප සහ මෙම රථය නිර්මාණය කිරිම සඳහා මූලිකත්වය ගත් සිසුන්ගේ ඡයාරූප පහතින්..

13567293_645817265570361_4696353476788419347_n

13615513_645817518903669_2928278065859783981_n

13626352_645817435570344_4145329634713601483_n

13627220_645817722236982_5264879701696610005_n

6666434344

777777777