Thursday, May 2, 2024

General line - 0115112241

ඇමරිකාවේ විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි (VIDEO)



අමෙරිකාවේ ඩලස් නගරයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

බීබීසී ලෝක සේවය සඳහන් කළේ, නාදුනන ස්නයිපර් තුවක්කුකරුවන් පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට මෙසේ වෙඩි තබා ඇති බවයි.

වෙඩි වැදීමෙන් තවත් පොලිස් නිළධාරීන් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

අමෙරිකානු පොලිස් වෙඩි තැබිම්වලින් කළු ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිවලට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන්ට ස්නයිපර් තුවක්කුකරුවන් මෙලෙස වෙඩි තබා තිබේ.