Friday, May 3, 2024

General line - 0115112241

අන්තර්ජාලය ඔස්සේ පෙම්බස් දෙඩූ සෞදි තරුණයාට වැඩ වැරදුණු හැටි (VIDEO)



සාමාන්‍යයෙන් සෞදි අරාබිය කියන්නේ දැඩි නීති රිති පවතින රටක් කියලා අපි හැමෝම දන්න කාරණාවක්.

පොඩි දෙයක් වුණත් ඇති ජීවිත කාලෙටම දැනෙන ලොකු දඩුවමක් ලැබෙන්න.

මේ කියන්න යන්නෙත් ඒ වගේ පුවතක්.මේ අකරතැබ්බෙට මුහුණ දීලා තියෙන්නේ අබූ සින් (Abu Sin ) නැමති 19 හැවිරිදි සෞදි තරුණයෙක්.

මෙම තරුණයා අන්තර්ජාලය ඔස්සේ දැන හැඳිනගත් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ ජීවත්වන ක්‍රිස්ටිනා ක්‍රොකට් නැමැති 21 හැවිරිදි තරුණිය සමග වීඩියෝ සංවාදයක නිරත වී තිබෙනවා.

එම වීඩියෝ වල දැක්වෙන ලෙස නම් මෙම තරුණයා, තරුණිය වෙත ආදරය ප්‍රකාශ කර ඇති අතර ඉන් නොනැවතී විවහ යෝජනාවක්ද කර තිබෙනවා.

කොහොම වුණත් මෙම වීඩියෝ පට පසුව අන්තර්ජාලයේ මහත් ප්‍රසිද්ධියකට පත්ව තිබෙනවා.

ඉන්පසුව මේ පිළිබඳව සෞදි ආරක්ෂක අංශ වල අවධානය යොමුව තිබෙන අතර තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙය නොහික්මුණ සම්බන්ධතාවයක් බවත්, එරට නීතියට අනුව එවැනි ක්‍රියාවන් සිදුකිරීම වරදක් බවත් සෞදි ආරක්ෂක අංශ පවසනවා.

අන්තර්ජාලය ඔස්සේ තම ආගමට හා තම රටේ අන්තර්ජාල නීතියට විරුද්ධව ක්‍රියාකිරීම යටතේ මෙම සෞදි දරුවාට අවම වශයෙන් වසර පහක සිර දඩුවම් හා සෞදි රියාල් මිලයන තුනක දඩ මුදලක් එරට අධිකරණය විසින් නියම කරනු ඇතැයි සදහන් වේ.