Monday, September 23, 2024

General line - 0115112241

කොළඹ යාචකයින් අල්ලන්න මෙහෙයුමක්




කොළඹ නගරයේ විදුලි ආලෝක සංඥා අසල වාහනවල ගමන්ගන්නා පුද්ගලයින්ගෙන් සිඟමන් යදින පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද (19) සිට ආරම්භ කෙරෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත කියා සිටියේ විදුලි ආලෝක සංඥා අසල වෙළෙඳාම් කරන පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා බවයි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදුලි ආලෝක සංඥා පුවරු අසල සිඟමන් යදින සහ විවිධ ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයින් හේතුවෙන් රිය අනතුරු ද බහුල වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙවැනි පුද්ගලයින්ගේ කි‍්‍රයාකලාපය වාහන තදබදයට ද හේතුවක් බව පොලිසිය පවසනවා.

පළමුව මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක වන්නේ කොළඹ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. පසුව දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ද එය කි‍්‍රයාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.