Monday, September 23, 2024

General line - 0115112241

දියවැඩියා ඖෂධ වට්ටෝරුවක මිල රුපියල් 2250කින් පහළට




ඖෂධ මිල ගණන් අඩු වීමත් සමග දියවැඩියාව, අධි රුධිර පීඩනය හා හෘද රෝග සඳහා ජනතාව බහුලව භාවිත කරන ඖෂධවල මිල ගණන් සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දියවැඩියාව සඳහා ලබාගන්නා ඖෂධ වට්ටෝරුවක මිල රුපියල් 2250කින් පමණ අඩුවනු ඇති. දියවැඩියාවට අමතරව අධි රුධිර පීඩනය, හෘද රෝග, මානසික රෝග හා අස්ථි රෝග වැනි රෝග සඳහා ලබාදෙන ඖෂධ වර්ගවල හා වේදනා නාශකවල මිලද අඩුවන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ.

විවිධ වෙළෙඳ නාමවලින් ඇති පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල ද රුපියල් 1යි ශත 30ක් දක්වා අඩුවනු ඇති.

කෙසේ වෙතත් නව මිල සූත‍්‍රය හේතුවෙන් කිසිඳු ඖෂධයක මිල ඉහළ නොයන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ.

වැඩි මිල ගණන්වලට අලෙවි කරන ඖෂධවල මිල මේ යටතේ පහළ යනවා. එහෙත් අඩු මිල ගණන්වලට අලෙවි කරන ඖෂධවල මිල එලෙසම පවතිනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පැවසුවේ.

අඩු කරන ලද ඖෂධ මිල ලබන සිකුරාදා සිට කි‍්‍රයාත්මක වීමට නියමිතයි.