Monday, September 23, 2024

General line - 0115112241

දෙමළ සන්ධානයෙන් නව ජගත් මහලේකම්ටත් ලිපියක්




ශ‍්‍රී ලංකාව තුළ ස්ථාවර සහ ගෞරවාන්විත සාමයක් ඉතා ඉක්මනින් උදාකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම්වරයා සමග ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

ඒ, නව මහලේකම් ධුරයට පත් වූ ඇන්ටෝනියෝ ගුටේරස් හට සුභපැතුම් පණිවුඩයක් එක්කරමින්. දෙමළ සන්ධාන නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් විසින් අදාළ පණිවුඩය යොමු කරනු ලැබ තිබෙනවා.

එහි දැක්වෙන්නේ බැන්කි මුන් මහලේකම්වරයාගේ ප‍්‍රයත්නයන් වන විපතට පත්වූ ශ‍්‍රී ලාංකිකයින්ට සත්‍ය අවබෝධ කරගැනීම, නැවත සිදුනොවීම හා වන්දි ගෙවීම ඇතුළත් යුක්තිය ඉටුකිරීමේ කටයුතු තවදුරටත් ක‍්‍රියාත්මක කරන ලෙස නව මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවයි.

නව මහලේකම්වරයාගේ ධුර කාලය තුළ නොබෙඳුනු රටක් තුළ සමානාත්මතාව සහ සාධාරණත්වය මත පදනම්ව දීර්ඝකාලීන සාමය උදාකර ගැනීමට අවශ්‍ය කැපවීම සහ සහයෝගය දෙමළ ජාතික සන්ධානය විසින් තවදුරටත් ලබාදෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.