Monday, September 23, 2024

General line - 0115112241

Facebook , Twitter අයි.පී.එල්. ක‍්‍රිකට් අයිතිය ඉල්ලයි.




මීළඟ අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලියේ ඩිජිටල් මාධ්‍ය අයිතිය ලබාගැනීම සඳහා ෆේස්බුක් සහ ට්විටර් හිමිකරුවන් ද ලන්සු ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ලැබී ඇති ටෙන්ඩර් පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ ඔත්තෝම්බර් මස 25 වෙනිදායි.

ෆේස්බුක් සහ ට්විටර් හිමිකරුවන් සතුව රූපවාහිනී නාලිකා නොමැති වුවද ඔවුන් රූපවාහිනී අයිතිය වෙනුවෙන් ද ලන්සු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

ලන්සු ඉදිරිපත් කර ඇති මුළු සමාගම් සංඛ්‍යාව 18ක් වනවා. 2018 වසරේ සිට අයි.පී.එල්. රූපවාහිනී අයිතිය වසර 10ක කාලයක් සඳහා ලබාදීමටයි නියමිතව ඇත්තේ.