Monday, September 23, 2024

General line - 0115112241

මිහින් ලංකා ප්‍රධාන කාර්යාලයේ කලබලයක්




මිහින් ලංකා ගුවන් සමාගමේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය තුළ නොසන්සුන්තාවක් හට ගත්තා. එහිදී මිහින් ලංකා ප්‍රධානීන් තිදෙනෙකු සේවකයින් විසින් කාර්යාල අඩස්සියට පත්කර ගැනීමක්ද සිදු වුණා.

මිහින් ලංකා ප්‍රධාන කාර්යාලයේ මානව සම්පත් කළමනාකරු, මූල්‍ය ප්‍රධානී හා පරිපාලන ප්‍රධානී යන තිදෙනා මෙලෙස කාර්යාල අඩස්සියට පත්කොට සේවකයින් විසින් විරෝධතා දැක්වුවා.

මිහින් ලංකා ආයතනය ලබන 30 වැනි දින වන විට ශ්‍රී ලංකන් එයාර් සමාගමට අනුබද්ධ කිරීමට තීරණය කර ඇතත් තමන්ට එහි රැකියා අවස්ථා ලබාදීමට හෝ නිසි වන්දි මුදලක් ලබාදීමට හෝ මෙතෙක් ක්‍රියා කර නොමැති බවයි එහිදී සේවකයින් සඳහන් කළේ.

ඒ අනුව තම රැකියා සුරක්ෂිත කරන ලෙස හෝ නැතිනම් තමන් ඉවත්කරනු ලබන්නේ නම් සුදුසු වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින් සේවකයින් විසින් මෙම විරෝධතාව ආරම්භ කර තිබුණා.