Monday, May 6, 2024

General line - 0115112241

මේ දිනවල තායිලන්තයේ සංචාරක කළාපවල තත්ත්වය මෙන්න



ඉතා ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමි තායිලන්තයේ වසර 70 ක් රජකම් කළ “බූමි බෝල් ” රජු මිය යාමත් සමග රට තුළ ඇති වූ තත්ත්වය මේ වන විට රටේ විනෝදකාමී ස්ථාන සහ ප්‍රදේශ වලට බලපා ඇති ආකාරය විමසා බැලීමට අප අද තීරණය කළා. සංචාරක ආකර්ෂණය වෙනුවෙන්ම තායිලන්තයේ ස්ථාපිත කර ඇති ප්‍රදේශවල , සල්පිල් සහ රාත්‍රී වෙළඳ පොළ වල තත්ත්වය පිලිබඳ මෙහිදී ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වනවා.රජු මිය ගියේ පසුගිය ඔක්තෝබර් 13 වන බ්‍රහස්පතින්දා යි.

මේ වනවිට රටේ ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා .සති දෙකක් සියලු කටයුතු නතරකර රජු වෙනුවෙන් ශෝක වීමට තායිලන්ත රජය ජනතාවට ඉඩ දුන්නා. ඊට අමතරව රට තුළ විනෝද කටයුතු තවත් මාසයකට නතර කිරීමටද රජය දැනුම් දුන්නා. ඊට අමතරව රජු වෙනුවෙන් වසරක කාලයක් 2017 ඔක්තෝබර් 13 දක්වා රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර කිසිදු රාජ්‍ය උත්සවයක් එම කාලය තුල තායිලන්තය තුල නොපැවැත්වීමට රජය නියෝග කර තිබෙනවා.

තායිලන්තයේ රාජ්‍ය ආදායමේ සිව් වැනි ස්ථානය හිමි වන්නේ එරට සංචාරක ව්‍යාපාරයටයි. එය එරට දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වනවා. ලොවපුර සංචාරකයන් ජිවිතේ එක් අවස්ථාවක හෝ සිය නිවාඩුව ගතකිරීමට තායිලන්තය තෝරාගන්න බව එරට සංචාරක වාර්තා සඳහන් කරනවා. වසරකට අසන්න වශයෙන් සංචාරකයන් ලක්ෂ 300 ක් පමණ පැමිණෙනවා. සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගැනීමට ප්‍රධාන සාධකයක් ලෙස ඉතා පහසු මිළට ලබාගත හැකි හෝටල් හා සත්කාරක පහසුකම් හඳුන්වාදිය හැකියි. ශ්‍රී ලාංකිකයන් ද විශාල ප්‍රමාණයක් සිය නිවාඩුව සහ සාප්පු සවාරි සඳහා තායිලන්තයේ බැංකොක් අගනුවර තෝරා ගන්නවා. කුඩා දරුවන්ට ද විනෝදාස්වාදය ගෙනෙන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු “දරුවන් සඳහාම වූ සිහින පාරාදීස ” කිහිපයක් බැංකොක් හි පිහිටා තිබෙන බැවින් මෙරට පාසල් නිවාඩු කාල සීමාවල ද බොහෝ දෙමව්පියන් තම දරුවන් එහි රැගෙන යනවා.

තායිලන්තයේ ”ස්වර්ණභූමි ” අන්තර්ජාතික ගුවන් තොටුපළ

ශ්‍රි ලංකාවේ සිට මෙන්ම ලොව බොහෝ රටවල සිට පැමිණෙන සංචාරකයන් භාවිත කරන ප්‍රධාන ගුවන් තොටුපල වන්නේ ”ස්වර්ණභූමි ” ගුවන් තොටුපලයි. රජුගේ වියෝවත් සමග ගුවන් තොටුපලේ ඊට සොව පලකරන පුවරු සහ දැන්වීම් පලකරනු ලැබූ අතර දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

07 08 09 10

පතුනාම් සල්පිල් ප්‍රදේශය ( pratunam Shopping Area)

මෙම ප්‍රදේශයේ පවතින වෙළඳපොල කළාප වල සුපුරුදු පරිදි සංචාරකයන් දක්නට ලැබෙනවා . කිසිදු වෙළඳ සැලක් වසා දමා නැහැ. එමෙන්ම පතුනාම්හි තොග වෙළඳ පොළද සුපුරුදු කාර්ය බහුලත්වගෙන් පවතිනවා.

11 12 13

14

Dream World and Safari World

දරුවන් සඳහාම ඇති Dream World උද්‍යානය සහ බැංකොක් හි සත්වෝද්‍යානය ද වීවෘතව පවතින අතර ඒවායේ විශාල ප්‍රමාණයේ ශබ්ද භාවිතා කරන්නේ නැහැ.

15 16 17 18 19

Pattaya සහ Phuket සංචාරක කළාප

ගෝ ගෝ බාර් ( Go Go Bar ) ලෙස හඳුන්වන සමාජ ශාලා සියල්ල මේ වන විට වීවෘතව පවතිනවා.වෙනසකට පවතින්නේ ඒවායේ සංගීත ශබ්ද ඉතා අඩුකර තිබීමයි. එමෙන්ම ආලෝක රටා මැවෙන ඊට අනුරුප සංගීත සංදර්ශන සහිත සජීවී ප්‍රසංග ( Live Band in Clubs with DJ and Laser Music ) පතායාහි තවමත් අරඹා නැහැ. Phuket හි තත්ත්වයද මේ ආකාරයෙන්ම පවතිනවා. මෙම ප්‍රදේශ දෙකේම පිහිටි තායි සම්බාහන මධ්‍යස්ථානද දැන් වීවෘතව පවතිනවා. ක්‍රීඩා තරඟ සජීවීව පෙන්වන ආපනශාලා සහ සමාජ ශාලාවල විදුලි ආලෝකය අඩුකර ඇති අයුරු පමණක් දක්නට පුළුවන්. පතායාහි සහ පුකැට් හි වෙරළ මාර්ගය සහ වෙරළ ක්‍රියාකාරකම් ද මේවන විට සුපුරුදු පරිදි අාරම්භ වී තිබෙනවා.

20 21 22 23 24

01

02

03 04 05 06